‌මේ වන විට WhatsApp ආයතනය විසින් WhatsApp සඳහා නව විශේෂාංග කිහිපයක්ම එළිදැක්වීමට කටයුතු කරමින් සිටින අතර ඒ අතරින් විශේෂාංග කිහිපයක් පිළිබඳව මීට පෙර අප ඔබව දැනුවත් කිරීමටද කටයුතු කරනු ලැබුවා.

Quality එක ආරක්ෂා කරගනිමින් WhatsApp හරහා Images සහ Videos යැවීමේ හැකියාව ලබාදීමට සූදානම් වෙයි
මේ වන විට ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන Messenger Platform එක වන WhatsAppසේවාවෙන් මේ වන විටත් අපි බොහෝ ප්‍රයෝජන ලබා ගන්නවා. නමුත් මෙහිදී අපට මුහුණ පෑමට සිදු වන ගැටලුවක් තමයි, Images සහ Videos ඉතාමත් හොදquality එකක් යටතේ අන් අය අතර හුවමාරු කර ගැනීමේ නොහැකියාව. එහෙමත් නැත්නම් අපිimages සහ videos …
Multi-Device පහසුකම සමඟින් WhatsApp Desktop Beta සංස්කරණයක් නුදුරේදී එළිදැක්වීමට WhatsApp ආයතනය සූදානම් වෙයි
අපට Computer එකක් හෝ Laptop එකක් ඇත්නම් අපි WhatsApp Web[https://web.whatsapp.com/] එක හෝ WhatsApp Desktop[https://www.whatsapp.com/download] මෘදුකාංගය ඔස්සේ අපගේ දුරකථනය හරහා QR Codeඑකක් scan කර ගැනීම මගින් දුරකථනය හරහා භාවිතා කරන WhatsApp සේවාව අපගේ පරිගණකය වෙතලබා ගන්නවා. කොහොම නමුත් මෙහි ඇති…

මේ වනවිට, WhatsApp blog අඩවිය මගින් තවත් වැදගත් විශේෂාංගයක් පිළිබඳව වාර්තා කර සිටින අතර ඒ හරහා ඔබට ලැබෙන group call එකක් answer කිරීමට නොහැකි වුවද පසුව එම group call එකට සම්බන්ධ වීමට අවස්තාව හිමි වෙනවා.

මීට පෙර මේ ආකාරයෙන් group call එකකට එක් වීමේ අවස්තාව මග හැරී ගියහොත්, ඔබට එම සංවාදයට නැවත එක් වීමට අවශ්‍ය නම් එම call එකට සම්බන්ධ වී සිටින අයෙක් අපව එම ඇමතුමට සම්බන්ධ කරගත යුතුව තිබුණත්, මෙම නව විශේෂාංගය හරහා ඔබගේ calls tab එකෙහි එම අදාල group call එක මත පහත රූපයේ පෙන්වා ඇති ආකාරයට කොල පැහැයෙන් video call එකක් සදහා invite කර ඇති බව දැනුවත් කරනවා.

ඒ අතරම එම group call එකට ගිය පසු එම group call එකට සම්බන්ධ වී සිටින පිරිසත්, call එක සඳහා invite කර ඇති නමුත් තවමත් call එකට සම්බන්ධ වී නැති පිරිසත් දිස්වෙනවා.

එමෙන්ම මෙම සියලුම විශේෂාංග ලබාදුන්නද WhatsApp සේවාව End-To-End-Encrypted බව WhatsApp ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා WhatsApp Blogවෙබ් අඩවිය සහ wccftech වෙබ් අඩවිය භාවිතා කළ හැක.