මිලියන 200 කට අධික පරිශීලකයින් ප්‍රමාණයක් සිටින රූපවාහිනී වැඩසටහන් හා චිත්‍රපට Steaming සේවාවක් වන Netflix සේවාව පිළිබඳව මේ වන විටත් නොදන්නා කෙනෙක් නොමැති තරම්.

ශ්‍රී ලංකාවේ ද අතිශය ජනප්‍රිය මේ Netflix සේවාව දැනට රූපවාහිනී වැඩසටහන් හා චිත්‍රපට වලට පමණක් සීමා වී තිබුණත් ලබන වසර වන විට එම සීමාවන් බිඳ දමා Video Game වෙත ද යොමු වීමට නියමිත බව නවතම ආරංචි මාර්ග වාර්තා කරනවා.

ඒ අනුව Facebook සමාගමේ (Oculus AR සහ VR සම්බන්ධයෙන්) උප ප්‍රධානියකු ලෙස කටයුතු කල Mike Verdu, Netflix හි video game development අංශයේ ප්‍රධානියා ලෙස බඳවා ගත් බව Netflix ආයතනය උපුටා දක්වමින් Bloomberg වෙබ් අඩවිය සඳහන් කරනවා.

Netflix Plans to Offer Video Games in Push Beyond Films, TV
Netflix Inc., marking its first big move beyond TV shows and films, is planning an expansion into video games and has hired a former Electronic Arts Inc. and Facebook Inc. executive to lead the effort.

Video game නිර්මාණය සුප්‍රසිද්ධ ආයතනයක් වන Electronic Arts (Mobile) ආයතනයේ හි Senior vice president කෙනෙකු ලෙසද Mike Verdu මහතා මීට පෙර කටයුතු කර තිබෙනවා.

එම කාලය තුළ Star Wars: Galaxy of Heroes, SimCity BuildIt, Plants vs. Zombies සහ Sims Free Play වැනි games නිර්මාණය වෙනුවෙන් ඔහුගේ දායකත්වය ලබාදී තිබෙනවා.

ඒ වගේම Bloomberg වෙබ් අඩවිය නිශ්චිතව තහවුරු කර නොමැති වුවද, Netflix විසින් මෙම නව Video Games සේවාව සඳහා අමතර මුදල් අයකරගනු නොලබන බවද වාර්තා වෙනවා.

කොහොම නමුත් මේ හරහා අනාගතයේදී සාමාන්‍යය Netflix subscription වල මිල ඉහළ දැමීමට කටයුතු කරනු ඇති බවට ද ඇතැමුන් ඉඟි පළ කරනවා.

කෙසේ වුවත් Netflix සමාගම පෙන්වා දෙන්නේ ඔවුන් සමඟින් එකතු වී සිටින පරිශීලකයින් එලෙස රැඳී සිටින්නේ ඔවුන් සතුව ඇති TV series වල පටන් documentaries, film, local language originals සහ reality TV වැනි විවිධත්වයෙන් යුතු විනෝදාත්මක වැඩසටහන් ප්‍රමාණය නිසාවෙන් බවත්, ඉදිරියේදී ඔවුන් ඉතාමත් කැමැත්තෙන් වැළඳගත් Stranger Things සහ La Casa de Papel වැනි series සඳහා video games ලබාදීම හරහා තම පරිශීලකයින් හට එම විනෝදාත්මක වැඩසටහන් සමඟින් interact කිරීමේ හැකියාව ද ලබාදීමට ඔවුන් බළාපොරොත්තු වන බවයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Engadget වෙබ් අඩවිය සහ CNN වෙබ් අඩවිය භාවිතා කළ හැක.