‍‍iOS 12 මෙහෙයුම් පද්ධතියට Apple සමාගම විසින් එකතු කරන ලද විශේෂ දේවල් වලින් එකක් තමයි 3rd party map services ඔවුන්ගේ CarPlay පහසුකමත් එක්ක භාවිතා කිරීමේ හැකියාව.

බොහෝ දෙනෙකුට මේ පහසුකම දීර්ඝ කාලයක සිට අවශ්‍යය වී තිබූ පහසුකමක් වන අතර මේ CarPlay පහසුකම හරහා මේ දක්වා Apple Maps පමණක් භාවිතා කිරීමට හැකියාව ලබා දී තිබුණත්, ඔන්න දැන් iOS 12 සහ Google Maps app එකේ 5.0 වන සංස්කරණයත් එක්ක මේ Google Maps සේවාව CarPlay එකත් එක්ක භාවිතා කරන්න හැකියාව ලැබිලා තියනවා.

iOS CarPlay හරහා ඔයාගේ iOS device එක ඔයාගේ car එකේ in-built display එක හරහා භාවිතා කරන්නට ඔයාට අවස්ථාව ලැබෙන අතර මේ හරහා call ගන්න, message යවන්න, maps පාවිච්චි කරන්න වගේම apple music වගේ දේවලුත් පාවිච්කිරීමේ හැකියාව තියෙනවා.

කොහොම නමුත් Google Maps වලදී තවමත් Apple සමාගමේ voice assistant වන Siri නම් භාවිතා කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැති වුණත්, Google Maps වල අන්තර්ගත වන built-in voice control පහසුකම භාවිතා කරන්නට හැකියාව ලැබෙනවා.

Google සමාගමට අමතරව Waze app එකත් මේ වෙනුවෙන් සහාය දැක්වීමට කටයුතු සූදානම් කරන බව පසුගිය දිනක නිවේදනයක් නිකුත් කරනු ලැබූ අතර, Waze app එක තවමත් beta මට්ටමේ පරීක්ෂණ කටයුතු කරගෙන ගියත් stable සංස්කරණයක් නිකුත් කිරීමට කටයුතු කර නැහැ.

කොහොම වුණත් මේ වන විට iPhone සහ iPad සඳහා Google Maps වල අළුත් සංස්කරණය නිකුත් කරන්නට Google සමාගම කටයුතු කර ඇති අතර, අවශ්‍යය කෙනෙකුට එය App Store එක හරහා නොමිලයේ download කරගැනීමේ හැකියාව පවතිනවා.