පසුගිය දිනක Apple සමාගම විසින් ඔවුන්ගේ iOS 12 සංස්කරණය හරහා Augmented reality භාවිතා කළ හැකි ආකාරය ඉදිරිපත් කළා මතක ඇති.

ඉතින් මේ පහසුකම භාවිතා කරමින් Shopify ආයතනය විසින් ඔවුන්ගේ online stores වල අලෙවි කිරීමට ඇති භාණ්ඩ iPhone එකක් හරහා AR භාවිතා කරමින්, මිළදී ගැනීමට ප්‍රථමව නිරීක්ෂණය කිරීමට හැකියාව ලබා දීමට කටයුතු කර තිබෙනවා.

Apple සමාගමේ ARKit 2 කියන platform එකේ ඇතුලත් වන පහසුකම් භාවිතා කරමින් මේ Shopify වල iOS app එක හරහා AR අත්දැකීමක් විඳගැනීමට හැකියාව ලබා දී ඇති අතර මේ හරහා Shopify stores 600,000 කට පමණ තමන්ගේ නිෂ්පාදන AR හරහා නැරඹීමේ පහසුකම ලබා දීමට ඉඩකඩ සැලසෙනවා.

මෙහිදී අදාල නිෂ්පාදන වල 3D models upload කිරීමට අදාල stores අයිතිකරුවන් හට අවස්ථාව ලැබෙන අතර පාරිභෝගිකයන්ට Safari web browser එක හරහා අදාල නිෂ්පාදනය මත tap කිරීමෙන් තමා දැනට සිටින පරිසරය තුලදීම අදාල නිෂ්පාදනය දැකගතහැකි වෙනවා.

මීට කලින් මෙවැනි පහසුකමක් ARKit හරහා ලබා දී තිබුණද ඒ වෙනුවෙන් වෙනත් app එකක් download කරගැනීමට භාවිතා කරන්නන්ට සිදු වුණ නමුත් මෙහිදී එවැනි අමතර ක්‍රියාවලියක් අවශ්‍යය වන්නේ නැහැ.

කොහොම වුණත් මේ හරහා e-commerce වලට අලුත්ම අත්දැකීමක් එකතු කිරීමට මේ Shopify ආයතනය සමත් වන අතර online භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරන පුද්ගලයින් සඳහා ද මෙය ඉතාමත් හොඳ තත්ත්වයක් වන්නේ මිළදීගැනීමට ප්‍රථමව තමන් මිළදීගැනීමට සූදානම් වන භාණ්ඩය තම පරිසරය තුලදීම අත්දැකීමට අවස්ථාවක් ලැබෙන බැවිනි.