Google සමාගම සපයන විවිධ සේවා සමඟ අලුතෙන්ම හදුන්වා දුන්න සේවාව තමයි Google Family Link කියලා කියන්නේ.

මේක ඇත්තටම හැමෝටම වඩා දෙමව්පියන්ට වැදගත් වන සේවාවක්. මොකද මේ සේවාවෙන් කරන්නේ තමන්ගේ පවුලේ අයගේ තොරතුරු, සිටින ස්ථානය, භාවිතා කරන මෘදුකාංග ගැන තොරතුරු වැනි විවිධ දේ දෙමාපියන්ට සොයාබැලීමට අවස්ථාව ලැබෙනවා.

‍‍‍දෙමාපියන්ට තමන්ගේ දූ දරුවන් ගැන සෙවිල්ලෙන් සිටීමට හැකි්‍යාව ලබා දීම මේ සේවාව සැපයීමේ ප්‍රධාන අරමුණ ලෙ Google සමාගම පෙන්වා දෙනවා. වර්තමානය වන විට තාක්ෂණය කුඩා දරුවන්ගේ ජීවිතද යම්තාක් දුරට බිලිගෙන තිබෙන අතර විවිධ නව තාක්ෂණික උපාංග සමඟ ඇතිවිය හැකි නරක බලපෑම අවම කිරීමට මෙම සේවාව ඉමහත් උපකාරයක් දක්වන බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙනවා.

Google Family Link මගින් දරුවන්ගේ smartphones භාවිතා කළ හැකි කාලය, භාවිතා කළ හැකි මෘදුකාංග, සිටින ස්ථානය වැනි සේවා රැසක් ලබාගත හැකියි. මෙය දැනට Google ගිණුමක් සහිත ඕනෑම කෙනෙකුට ක්‍රියාත්මක කර ගත හැක.

ඒ වගේම නව අංගයක් ලෙස Google Assistant මගින් කුඩා දරුවන්ගේ කටහඬ අඳුරාගෙන ඔවුන්ගේ දැනුම අනුව විවිධ විනෝදජනක ප්‍රතිචාර ලබා දීමද හදුන්වා දීමට ද ඔවුන් කටයුතු සූදානම් කරමින් පවතින බව දැනගන්නට ලැබෙනවා.

ඉතින් ඔයත් කැමතියි නම් මේ සේවාව භාවිතා කරලා බලන්න, පහත සඳහන් කර තිබෙන link හරහා ගිහින් ඔයාගේ දුරකථනයට ගැලපෙන app එක download කරගන්න පුළුවන්.

Google Family Link for Android - Download
Google Family Link for iOS - Download