පසුගිය දින වල Microsoft සමාගම විසින් ඔවුන්ගේ Microsoft Edge Browser එක වෙනුවට අලුත් web browser එකක් නිර්මාණය කිරීමට සූදානම් වන බව ඔබව දැනුවත් කළා මතක ඇති.

මේ අනුව Microsoft Edge වල දැනට පවතින සංස්කරණයෙහි භාවිතා වන EdgeHTML rendering engine එක ඉවත් කර ඒ වෙනුවට Google සමාගමේ Chromium ව්‍යාපෘතිය පාදක කරගෙන මේ අලුත් web browser එක නිර්මාණය කරනු ලබන බව ඔවුන් නිළ වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔන්න දැන් මේ අලුත් web browser එක test කිරීම සඳහා beta test කරන්නන් බඳවා ගැනීමට මොවුන් කටයුතු කරනු ලබන අතර මේ සඳහා ලියාපදිංචි වීමට අපිට ද අවස්ථාව තිබෙනවා.

කොහොම නමුත් අද දින මෙහි ලියාපදිංචි වුවත් මේ හරහා අලුත් edge සංස්කරණය download කරගැනීමට කිසිඳු link එකක් තවම ලබා දෙන්නේ නැති අතර ඉදිරි කාලයේදී මෙය beta testing අවධියට පැමිණි පසු මොවුන්ව email මගින් ඒ පිළිබඳව දැනුවත් කෙරෙනු ඇත.

Microsoft Windows 10 මෙහෙයුම් පද්ධතියේ සාර්ථකත්වයට Windows Insider වැඩසටහන බොහෝ සෙයින් උපකාරී වූ බැවින් මේ අලුත් Microsoft Edge Browser එක ද ඒ ආකාරයෙන්ම සැබෑ භාවිතා කරන්නන්ගේ අදහස් අනුව නිර්මාණය කිරීමට Microsoft සමාගම උත්සාහ කරනු ලබන බව මේ අනුව පෙනී යනවා.

ඉතින් ඔයත් මේ අලුත් Web Browser එක test කරන්න සහභාගී වීමට කැමති නම් අදම microsoftedgeinsider වෙබ් අඩවියට ගොස් එහි ලියාපදිංචි වීමට මේ වන විට අවස්ථාව තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Windows Blog එක හා Softpedia වෙබ් අඩවිය භාවිතා කළ හැක.