ඔබත් නිතරම අන්තර්ජාලය භාවිත කරන්නෙක් නම් වෙනත් අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙකුගේ මෙන්ම ඔබගේ ද browser tabs කිහිපයක් හෝ ඇතැම් විට tabs විශාල ප්‍රමාණයක් එකවර විවෘතව පවතින අවස්ථා වලට මුහුණ දී තිබෙනු ඇත.

දැනට Android වලට ලබා දී ඇති Chrome සංස්කරණය භාවිතා කිරීමේදී එම tabs සියල්ලම වසා දැමීමට අවශ්‍ය වූ විට tab එකින් එක වෙත ගොස් ඒවා වසා දැමීමට සිදු වන නමුත් ඒ සියල්ල එකවර වසා දැමීම සඳහා 'Close all tabs' යනුවෙන් අලුත් button එක හඳුන්වා දීමට Google සමාගම කටයුතු කරමින් පවතිනවා.

මේ අලුත් button එක Chrome Browser එකේ tabs පෙන්වන screen එකේ වම් කෙලවරේ පහලින් icon එකක් ලෙස දැකගැනීමට ලැබෙන අතර එය ඉතාමත් සරළ පහසුකමක් වෙනවා.

මීට අමතරව යම්කිසි කාළසීමාවක් තිස්සේ open කිරීමට කටයුතු නොකළ tabs sleep mode එකට පත් කිරීමටත් ක්‍රමවේදයක් එකතු කිරීමට කටයුතු කර ඇති අතර මේ හරහා නිකරුනේ ඔබගේ battery life එක අපතේ යෑම ද වලකාලනු ලබනවා.

කොහොම නමුත් මේ පහසුකම තවමත් Chrome stable සංස්කරණයට එකතු කර නොමැති අතර Chrome Canary සංස්කරණය මත දකින්නට ලැබෙනවා. නමුත් මෙය ඉක්මණින්ම Android මත Google Chrome භාවිතා කරන්නන් සියළුදෙනා හට ලබා දීමට Google සමාගම කටයුතු කරනු ඇත.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.