ඔයාලට මතක ඇති Google සමාගම විසින් Google Pixel 3 ජංගම දුරකථනය එළිදක්වන විට ලොවම මවිත කරමින් ඔවුන්ගේ Night Sight පහසුකම එළිදැක්වීමට කටයුතු කළා.

මේ පහසුකම මූලිකව Google Pixel 3 ජංගම දුරකථනයට පමණක් ලබා දීමට කටයුතු කළත්, පසු කාලීනව පැරණි Pixel ජංගම දුරකථන වලට ද නිළ වශයෙන්ම ලබා දීමට Google සමාගම කටයුතු කළා.

ඒ වගේම නිළ නොවන ආකාරයෙන් Samsung ඇතුළු තවත් ජංගම දුරකථන ගණනාවකට මේ Night Sight පහසුකම ලබා දීමට වෙනත් developers ලා කටයුතු කරනු ලැබූ අතර මේ වන විට දැනගන්නට ලැබෙන තොරතුරු අනුව Samsung සමාගම විසින් ඔවුන්ගේම Night Sight පහසුකමක් Bright Night යන නමින් එළි දැක්වීමට සූදානම් වෙනවා.

Google Night Sight පහසුකම

මේ පහසුකම හරහා ද Google සමාගමේ Night Sight පහසුකම හරහා මෙන්ම රාත්‍රී කාලයේදී හෝ අඩු ආලෝක තත්ත්වයක් පවතින අවස්ථා වලදී flasher එක භාවිතා නොකර ඉතාමත් හොඳ තත්ත්වයේ ඡායාරූප ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

Samsung Galaxy Note 9 එක සඳහා නිකුත් කළ Android Pie Beta සංස්කරණයෙහි ඇතුලත් වුණු Camera app එකෙහි source code එක පිරීක්සීමේදී මේ පිළිබඳව සාක්ෂි කිහිපයක් සොයාගැනීමට සමත් වී තිබෙන බව XDA වෙබ් අඩවිය වාර්ථා කරනවා.

එමෙන්ම මෙය Samsung Galaxy මාලාවේ මීළඟ ජංගම දුරකථනය වීමට නියමිත Samsung Galaxy S10 ජංගම දුරකථනය සමඟ Galaxy S9 සහ Note 9 ජංගම දුරකථන වලට නිකුත් කිරීමට Samsung සමාගම කටයුතු කරනු ඇති බවත් මේ වන විට වාර්ථා වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා Softpedia වෙබ් අඩවිය භාවිතා කළ හැක.