Android පරිශිලකයින් හට Google Docs, Sheets, Slides වලදී Microsoft Office files edit කිරීමට, comment කිරීමට මෙන්ම මේ හරහා සකස් කරනු ලබන files, Microsoft Office files ලෙස save කිරීමට ද හැකියාව ලබාදී ති‍බෙන බව Google සමාගම නිවේදනය කර තිබෙනවා.

මේ අනුව Microsoft Word, PowerPoint, Excel ආදියෙහි ලිපිගොනු edit, comment සහ collaborate කිරීමට Android පාරීශිලයින් හට අවස්ථාව උදාවි ති‍බෙන අතර Google Docs, Sheets සහ Slides වලදී Real-time collaboration පහසුමක් හඳුන්වාදීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

.doc, .docx, .xls, සහ .ppt යන file types සියල්ලම මේ සඳහා සහය දක්වන අතර සියලුම G-Suite පරීශිලකයන් හට සහ පුද්ගලික Google account ඇති පරිශිලකයන් හ‍ට ද ඉදිරි සති කිහිපය තුල මෙම පහසුකම අත්විඳීමට අවස්ථාව ලැබෙන බව Google ආයතනය විසින් වැඩිදුරටත් සඳහන් කර ති‍බෙනවා.

Google Docs - Apps on Google Play
Create, edit and collaborate with others on documents from your Android phone or tablet with the Google Docs app. With Docs you can: - Create new documents or edit existing files- Share documents and collaborate in the same document at the same time.- Work anywhere, anytime - even offline- Add a…
Google Slides - Apps on Google Play
Create, edit and collaborate with others on presentations from your Android phone or tablet with the Google Slides app. With Slides, you can: - Create new presentations or edit existing files- Share presentations and collaborate in the same presentation at the same time.- Work anywhere, anytime -…
Google Sheets - Apps on Google Play
Create, edit and collaborate with others on spreadsheets from your Android phone or tablet with the Google Sheets app. With Sheets, you can: - Create new spreadsheets or edit existing files- Share spreadsheets and collaborate in the same spreadsheet at the same time.- Work anywhere, anytime - eve…
මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනිම සඳහා නිළ Google Support වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.