පසුගිය වසරේදී Google සමාගම විසින් ඉන්දියාවේ ළමයින්ට සඳහා Bolo නමින් Android App එකක් නිකුත් කරන ලද අතර ඒ හරහා ඉංග්‍රීසි සහ හින්දි භාශා වලින් දරුවන්ගේ කියැවීමේ හැකියාව වර්ධනය කිරීම ඉලක්ක කෙරුණා.

මේ වන විට මේ app එක "Read Along" යන නමින් තවත් රටවල් 180ක් සඳහා ලබාදීමට Google සමාගම කටයුතු කර ඇති අතර මෙම app එක ලබාදීමේ ප්‍රධානතම අරමුණ වන්නේ ප්‍රාථමික පාසල් සිසුන්ගේ කියවීමේ කුසලතා ප්‍රගුණ කිරීමට සහ coronavirus හේතුවෙන් පාසල් වසා දැමීම් මධ්‍යයේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවල නිරත වීමට උපකාර කිරීමයි.

Read Along by Google: A fun reading app - Apps on Google Play
Read Along is a free reading app for Android that helps children have fun while they learn to read. Read Along has an in-app reading buddy that listens to your young learner read aloud, offers assistance when they struggle and rewards them with stars when they do well – guiding them along as they p…

කිසියම් දරුවෙකු වචනයක් හෝ වාක්‍යයක් උච්චාරණය කිරීමට වෙහෙසෙන්නේ නම් ඔවුන්ට උදව් කිරීම සඳහා මෙම app එක තුල Diya නමින් built-in reading assistant කෙ‍නෙකු නිර්මාණය කිරිමට Google සමාගම කටයුතු කර ඇති අතර මේ assistant වැඩසටහන විසින් දරුවාට උච්චාරණය කිරීමට අපහසු අවස්ථා හඳුනාගෙන ඒ සඳහා උදව් කිරීමට කටයුතු කරනු ලබනවා.

අදාල දරුවන් එම කටයුත්ත කොයි තරම් හොඳින් කරන්නේ ද යන්න මත පදනම්ව stars සහ badges ලබාදීමට කටයුතු කෙරෙන අතර, දෙමව්පියන් හට ඔවුන්ගේ එක් එක් ළමයින් සඳහා වෙන වෙනම profiles සැකසීමේ හැකියාව ලැබෙනවා.

Google සමාගම පවසන්නේ මෙම app එක දරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන අන්දම‍ට නිර්මාණය කර ඇති අතර Wi-Fi හෝ Data සම්බන්ධතාවයක් නොමැතිව මෙහි වැඩ කළ හැකි බවයි.

View post on imgur.com

එමෙන්ම මෙම app එක වැඩිදියුණු කිරීම සඳහ‍ා කිසිඳු අයුරකින් මෙම දරුවන්ගේ voice සාම්පල භාවිතා නොකරන බව ද Google සමාගම වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

මෙහි advertising හෝ purchase කිරීමට අදාල කිසිම දෙයක් ඇතුලත් නොවන අතර අමතර stories, download කිරීමට අවශ්‍ය නම් දෙමව්පියන් හට අන්තර්ජාලය හා සම්බන්ධ වෙමින් අදාල stories download කිරිමේ හැකියාව ලබා දී ඇති අතර මේ සදහා අමතර ගාස්තුවක් අය නොකරේ.

Read Along app එක මේ වන විට ලොව පුරා සිටින ඕනෑම කෙනෙකුට නොමිලයේ download කරගත හැකි ලෙස නිකුත් කර ඇති අතර මෙහි stories English, Spanish, Portuguese, Hindi, Marathi, Bengali, Tamil, Telugu වැනි භාෂා කිහිපයකිවන්ම බලා ගැනිමේ හැකියාව මේ වන විට පවති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog අඩවිය, 9to5google වෙබ් අඩවිය සහ Techcrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.