මේ වන විට ජංගම දුරකථන charge කිරීමේ වේගය වැඩි කරගැනීම සඳහා ජංගම දුරකථන නිෂ්පාදකයින් අතර දැඩි තරඟකාරීත්වයක් ඇතිවී ඇති අතර, විශේෂයෙන්ම Oppo, OnePlus, Vivo සහ Xiaomi සමාගම ඉන් ඉදිරියේ සිටිනවා.

මේ වන විට Xiaomi සමාගම විසින් wireless සහ wired යන තාක්ෂණයන් ද්විත්වය හරහාම වේගයෙන්ම ජංගම දුරකථනයක් charge කිරීම වෙනුවෙන් නව ලෝක වාර්තාවත් තැබීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ HyperCharge තාක්ෂණය හරහා 4,000mAh battery එකක් සහිත Xiaomi Mi 11 Pro ජංගම දුරකථනයක් 200W යටතේ මිනිත්තු 8ක් ඇතුලත සම්පූර්ණයෙන්ම charge කිරීමට සමත් වී ඇති අතර, wireless charging තාක්ෂණය හරහා 120W යටතේ මිනිත්තු 15ක් ඇතුලත එම ජංගම දුරකථනයම සම්පූර්ණයෙන් charge කිරීමට සමත් වී තිබෙනවා.

පසුගිව වසරේ ජූලි මස වන විට Xiaomi සමාගම විසින් ඔවුන්ගේ 100W fast charging තාක්ෂණය හරහා මිනිත්තු 17ක් තුල 4,000mAh battery එකක් සම්පූර්ණයෙන්ම charge කිරීමේ හැකියාව විදහා දැක්වූවා.

100W fast charging පහසුකම සහිත දුරකථනයක් මෙම වසර අගදී වෙළඳ පොලට නිකුත් කිරීමට Xiaomi සමාගම සූදානම් වෙයි
Oppo සමාගම එළිදැක්වීමට සූදානම් වන 80W fast charging පහසුකම සහිත Oppo Super Vooc3.0 තාක්ෂණය පිළිබඳව හා ඒ අනුව නූතන ජංගම දුරකථනවල බැටරි ආරෝපණ තාක්ෂණය දිනෙන් දිනවැඩි දියුණු වන ආකාරය පිළිබඳව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති. 80W Fast Charging පහසුකම සමඟ SuperVOOC 3.0 තාක්ෂණය හඳුන්වාදීමට Oppo සමාගම…

එමෙන්ම 120W භාවිතා කරමින් 4,500 mAh capacity එකකින් යුතු battery එකක් සහිත Mi 10 Ultra ජංගම දුරකථනයක් මිනිත්තු 23ක් ඇතුලත සම්පූර්ණයෙන් charge කිරීමටත් ඔවුන් පසුගිය වසර වන විට සමත් වුණා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.