Xiaomi ජංගම දුරකථන සදහා මෑතකදී ඔවුන්ගේ Android-based මෙහෙයුම් පද්ධතිය වන MIUI වල අලුත්ම සංස්කරණය වන MIUI 11 සංස්කරණය නිකුත් කිරීමට කටයුතු කළ බව ඔබ දකින්නට ඇති.

ඔන්න දැන් Xiaomi සමාගම විසින් මේ MIUI 11 සංස්කරණයෙන් පසුව තවත් අලුත් පහසුකම් කිහිපයක් සමඟින් MIUI 11.1 සංස්කරණය නිකුත් කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ලැබෙනවා.

Android 10

MIUI 11 සංස්කරණය සමඟින් බොහෝ දෙනා Android 10 සංස්කරණය බළාපොරොත්තුවෙන් සිටියත්, එම update එක ප්‍රමාද කිරීමට කටයුතු නොකර බොහෝ ජංගම දුරකථන වලට එම සංස්කරණය මීළඟ update එක හරහා ලබාදීමට Xiaomi සමාගම තීරණය කර තිබුණා.

මේ අනුව, මේ MIUI 11.1 සංස්කරණය සමඟින් Mi 8, Mi 8 Pro, Mi 8SE, Mi 9 Lite, Mi 9 SE, Mix 2S, Mi Mix 3, Mi 9T, Redmi K20, Mi CC9, Poco F1, (Redmi Note 8 Pro සඳහා තවමත් නිෂ්චිත නොමැත) යන ජංගම දුරකථන වලට Android 10 සංස්කරණය මත පදනම් වුණු MIUI 11.1 සංස්කරණය ලබාදීමට ඔවුන් කටයුතු කරනු ලබනවා.

Ultra Power Saving

මෙම අංගය දැනටමත් Chinese versions වල පවතින නමුත් Global MIUI 11 සංස්කරණයේ මේ පහසුකම ඇතුලත් කර තිබුණේ නැහැ. MIUI 11.1 යාවත්කාලීන කිරීම හරහා, මෙම අංගය global versions සඳහා ලබාදෙනු ලබන අතර Xiaomi සමාගම පවසන පරිදි මේ Ultra power saving පහසුකම ක්‍රියාත්මක කළ විට, පැය 24ක කාලයක් තුලදී 5% පමණ battery power එකක් පමණක් පරිශීලනය කරනු ලබනවා.

Focus Mode

දුරකථනය අපට අත්‍යවශය, නමුත් එයට ඇබ්බැහි විම නුවනට හුරු නැත. මෙම Mode එකේදි ඔබට මිනිත්තු 20ක සිට මිනිත්තු 90 දක්වා යම් කිසි කාලයක් තෝරා දිය හැකි අතර එම කාලය තුලදි ඔබට ඔබගේ ජංගම දුරකථනය භාවිතා කර හැක්කේ emergency call සහද හා  camera පහසුකම පමණි.

Always On-Display

‌මේ පහසුකම හරහා Always On-Display පහසුකම වෙනුවෙන් ඔබ කැමති ආකාරයේ photo එකක් ඇතුලත් කිරීමේ හැකියාව ලැබෙන නමුත් power saving සඳහා එහි quality එක අඩු කරනු ලබනවා.

Bedtime

MIUI 11.1 යාවත්කාලීන කිරීම සමඟ ඔබට sleep time පරීක්ෂා කිරීමේ හැකියාව ලැබෙන අතර ඔරලෝසු යෙදුමෙන් නිදා ගැනීමට සහ අවදි වීමට අදාල වේලාවන් සකස් කළ හැකිය. මේ අනුව ඔබ දිනකට පැය කීයක් නිදා සිටිනවාද යන්න පරීක්ෂා කිරීමට මේ පහසුකම භාවිතා කළ හැකි වෙනවා.

Sunlight Mode

Automatic display brightness පහසුකම භාවිතා නොකරන අයට මෙය ප්‍රයෝජනවත් වනු ඇති අතර මේ option එක හරහා ඔබගේ දුරකථනය සෘජු හිරු එළියේ ඇති විට brightness මට්ටමට ඉහළ යනු ඇත.

MIUI 11.1 යාවත්කාලීනය global නිකුත් කරන දිනය තවමත් අනාවරණය වී නොමැති නමුත් MIUI 11 යාවත්කාලීනය ලැබෙන සියලුම උපාංගවලට මෙම යාවත්කාලීනය ලැබෙනු ඇතැයි අනුමාන කළ හැක.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Tech in Deep වෙබ් අඩවිය හා BGR වෙබ් අඩවිය භාවිතා කළ හැක.