Xbox One මත Keyboard සහ Mouse භාවිතා කිරීමේ අවස්ථාව ලබා දීමට Microsoft ආයතනය කටයුතු කළ බව ටික කලකට ඉහතදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

මේ ආකාරයෙන් Mouse එක හා Keyboard එක Xbox එක මතදී භාවිතා කිරීමේ පහසුකම ලබා දුන්නත්, මේ වන තුරු එයට සහාය දක්වන games නම් තිබුණේ නැහැ.

කොහොම නමුත්, මේ නොවැම්බර් 14 වැනිදා Fortnite ඇතුලු තවත් games 7ක් සඳහා මේ keyboard සහ mouse භාවිතා කිරීමේ හැකියාව ලබා දීමට නියමිත අතර තවත් games 7ක් සඳහා ඉතාමත් ඉක්මණින්ම මේ සහාය ලබා දීමට කටයුතු කරනු ලබන බව දැනගන්නට ලැබෙනවා.

  • Fortnite
  • Bomber Crew
  • Deep Rock Galactic
  • Strange Brigade
  • Vermintide 2
  • War Thunder
  • X-Morph Defense

ඉහත සඳහන් වන games මෙම නොවැම්බර් 14 වැනිදා නිකුත් වීමට නියමිත අතර පහළින් සඳහන් වන games වලට ඉතාමත් ඉක්මණින්ම මෙම සහාය ලබා ‍දීමට කටයුතු කරන බව ඔවුන් ප්‍රකාශ කරනවා.

  • Children of Morta
  • DayZ
  • Minion Master
  • Moonlighter
  • Vigor
  • Warface
  • Wargroove

මීට අමතරව Razer සමාගම විසින් මේ Xbox One සඳහා ඔවුන්ගේ ප්‍රථම wireless mechanical keyboard එක සහ mouse එක ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත Consumer Electronics Show event එක අතරතුරදී එළිදැක්වීමට බළාපොරොත්තු වන බව දැනගන්නට ලැබෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Tech Radar වෙබ් අඩවිය භාවිතා කළ හැක.