මේ වන විට ජංගම දුරකථන ලෝකයේ විශාලතම trend එක වී තිබෙන්නේ full-screen display එක වන අතර සෑම දුරකථන නිෂ්පාදකයෙකුම පාහේ display එකේ ඇති notch එක අඩු කිරීමට හෝ ඉවත් කිරීමට නොයෙකුත් උපක්‍රම අත්හදාබලනු ඔබ දකින්නට ඇති.

පසුගිම නොවැම්බර් 8 වැනිදා ඇමෙරිකානු Patent සහ Trademark office එක විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, Apple සමාගම විසින් ඔවුන්ගේ ජංගම දුරකථන වල camera module එක සහ අනෙකුත් sensors ටික display එකට යටින් පිහිටුවිය හැකි ක්‍රමයක් සඳහා patent බළපත්‍රයක් ලබා ගැනීමට කටයුතු කළ බවයි.

මේ patent එක හරහා හෙළි වන තොරතුරු අනුව මීළඟ iPhone එක සඳහා edge-to-edge full-screen display එකක් අන්තර්ගත කිරීමට Apple සමාගම සූදානම් වන බව අනුමාන කළ හැකි වන බව බොහෝ දෙනා විශ්වාස කරනවා.

මීට අමතරව මෙම තාක්ෂණය iPhone වලින් ඔබ්බට ගෙන ගොස් MacBooks සහ iPad වැනි තවත් devices වලදී ද භාවිතා කළ හැකි වන ලෙස එම patent බළපත්‍රය ලබා ගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

කොහොම වුණත් මේ ආකාරයෙන් screen එකට යටින් camera module එක පිහිටුවීමේ තාක්ෂණයක් සඳහා patent බළපත්‍රයක් ගත් එකම ආයතනය Apple සමාගම නොවන අතර මේ වන විට LG, Oppo, Samsung සහ Huawei යන සමාගම් ද මීට සමාන ආකාරයේ තාක්ෂණයන් සඳහා patent බළපත්‍ර ලබාගෙන තිබෙනවා.

එමෙන්ම Samsung සමාගම විසින් ඔක්තෝම්බර් 24 වැනිදා නිවේදනය කළ patent බළපත්‍රය අනුව hologram device එකක්, එනම් 3D රූපරාමු හිස් අවකාශයට ප්‍රක්ෂේපණය කළ හැකි ආකාරයේ තාක්ෂණයක් ද ඇතුලත් වෙනවා.

මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා Lets Go Digital වෙබ් අඩවිය භාවිතා කළ හැක.