ඉතා තුනී දියුණු කරන ලද නව Metal Electrodes මගින් අර්ධ පාරදෘශ්‍ය Perovskite Solar Cells සාමාන්‍යයෙන් භාවිතා කරන Silicon Cells සමඟ සම්බන්ධ කර එම වර්ග දෙකේම ක්‍රියකාරීත්වය හා කාර්යක්ෂමතාවය ඉහළ දැමිය හැකි ක්‍රමයක් අනාවරණය කරගැනීමට ජාත්‍යන්තර විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

මෙම පර්යේෂණය හරහා සම්පූර්ණයෙන් විනිවිද පෙනෙන Solar Cells වැඩි දියුණු කිරීමට මග පාදනු ඇතැයි අපේක්ෂා කරන අතර, “විනිවිද පෙනෙන Solar Cells කවදා හෝ අනාගතයේ දවසක නිවාස සහ කාර්යාල ගොඩනැගිලි ජනේල වල සූර්ය බලයෙන් විදුලිබලය නිපදවනු ඇත. මෙය දිගු පිම්මක් - අපිට අවසාන වශයෙන් කාර්යක්ෂම අර්ධ පාරදෘශ්‍ය Solar Cells නිර්මාණය කිරීමට හැකිවුණා” – යනුවෙන් Penn State විශ්ව විද්‍යාලයේ material science and engineering හි සහකාර මහචාර්‍යවරයා වන Kai Wang ප්‍රකාශ කර සිටිනවා.

View post on imgur.com

සාමාන්‍යයෙන් භාවිතා කරන Solar Cells, Silicon වලින් සාදා ඇති අතර ඒ මත Perovskite Cells තැබීමෙන් වඩාත් හොඳ කාර්යක්ෂම විකල්පයක් ලබාදෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

“ඉතා තුනී රන් පරමාණුක layers කිහිපයක් භාවිතා කරමින් electrode නිර්මාණය කල හැකි බව අපි පෙන්වා දී තිබෙනවා. මෙලෙස නිර්මාණය කරගන්නා gold layer එක සතුව high electrical conductivity එකක් ඇති බැවින්, අවට ඇති අනෙකුත් cell වල සූර්ය්‍ය ශක්තිය උකහා ගැනීමේ හැකියාව සමඟින් ඒවා intefere වන්නේ නැහැ.” – යනුවෙන්, Penn State විශ්ව විද්‍යාලයේ research and professor of materials science and engineering පිළිබඳ සහකාර උප සභාපති සහ මහචාර්‍යවරයෙකු වන Shashank Priya පවසා සිටිනවා.

තවදුරටත් විද්‍යාඥයින් තම සොයාගැනීම් විස්තර කරමින් Science Direct සඟරාවට වර්තා කර ඇත්තේ තම කණ්ඩායම විසින් වැඩිදියුණු කරන ලද Perovskite Cells පමණක් හරහා 19.8% ප්‍රතිශතයක කාර්යක්ෂමතාවක් කරා ලඟා වන අතර, සාමාන්‍යයෙන් භාවිතා කරන Silicon Solar Cells තනිව භාවිත කරන විට ලබාදෙන කාර්යක්ෂමතාව වන 23.3% ප්‍රතිශතයට වඩා, වර්ග ද්විත්වයම සංයුක්ත කිරීම මගින් 28.3% කාර්යක්ෂමතාවක් අත්කර කර දෙන බවයි.

“5% ක ප්‍රතිශතයකින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම යනු දැවැන්ත දියුණුවක්” වන බවත්, “මෙයින් මුලිකවම අදහස් කරන්නේ ඔබ Solar Cells වලින් සෑම වර්ග මීටරයක් සඳහාම, 50W කට පමණ වැඩි හිරු එළියක් විදුලිය බවට පරිවර්තනය කිරීමයි.” යනුවෙන් මහචාර්ය Priya ප්‍රකාශ කර සිටිනවා.

මීට පෙර පර්යේෂණවලදී, ඉතා තුනී රත්‍රන් පටල, Perovskite Cells වල පාරදෘශ්‍ය ඉලෙක්ට්‍රෝඩයක් ලෙස නිමිති පෙන්නුම් කල නමුත් ඒකාකාරී ස්ථරයක් සෑදීමේදී මතුවූ ගැටලු හේතුවෙන් ඒවායේ සන්නායකතාවය දුර්වල වූ බව විද්‍යාඥයෝ පවසති.

කෙසේ වෙතත් මේ පිලිබඳ පර්යේෂණ බොහෝ කාලයක් තිස්සේ සිදුවුණු අතර මීට ඉහත ඇමරිකාවේ Northern Illinois University හි සිදුකල පර්යේෂණය පිළිබඳව ද පහත link එක හරහා දැනගත හැකියි.

Scientists Make High-Performance Hybrid Perovskite Solar Cells Safer
Researchers at Northern Illinois University and the U.S. Department of Energy’s (DOE) National Renewable Energy Laboratory (NREL) in Golden, Colorado, reported on February 19, 2020, in the journal Nature on a potential breakthrough in the development of hybrid perovskite solar cells. Considered r

මෙම පර්යේෂණයේදී Chromium මූලික ප්‍රභව ස්තරයක් ලෙස භාවිතා කර හොඳ සන්නායක ගුණ සහිත අඛණ්ඩ, ඉතා තුනී රත්‍රන් layer එකක් සෑදීමට මග පෑදෙන බව පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගනු ලැබිණි.

Gold thin layer with chromium

මෙම Perovskite solar cells නිෂ්පාදනය කරනු ලබන්නේ layers 5ක් ඇති ආකාරයට වන අතර, මේවායේ කල් පැවැත්ම සහ කාර්ය්‍යක්ෂමතාවය පිළිබඳව සිදු කළ පරීක්ෂණ හරහා දීර්ඝ කාලයක් තිස්සේ ඉතාමත් හොඳ කාර්ය්‍යක්ෂමතාවයක් පවත්වාගැනීමට මෙයට හැකියාව ඇති බව සණාත වී තිබෙනවා.

අවසාන වශයෙන් නුදුරු අනාගතයේදීම අපට ගොඩනැගිලි මත හා ජනේල වල ස්ථාපිත Solar Panels දැක ගැනීමට මෙන්ම Green Energy පුනර්ජනනීය බල ශක්ති සංකල්පය යතාර්ථයක් වේ යැයි බලාපොරොත්තු තබාගත හැක.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Science Directවෙබ් අඩවිය සහ Energy.gov වෙබ් අඩවිය භාවිතා කළ හැක.