ප්‍රථම වතාවට 1TB Internal Storage එකක් සහිතව එළිදැක්වුණු ජංගම දුරකථනය ගැන දින කිහිපයකට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

කොහොම නමුත් External memory ඝනයට අයත් වන microSD Memory Card වල මේ වන තුරු උපරිම ධාරිතාවය විදිහට වෙළඳපොලට ඉදිරිපත් කර තිබුණේ 512GB වන අතර මෙවර MWC 2019 event එක අතරතුරදී ප්‍රථ වතාවට 1TB microSD Card එකක් එළිදක්වන්නට කටයුතු කර තිබුණා.

Memory සඳහා ප්‍රසිද්ධ සමාගම් දෙකක් වන SanDisk සහ Micron යන සමාගම් ද්විත්වය විසින්ම මෙම එළිදැක්වීම් සිදු කර තිබෙන අතර මේ වන විට සෑම ජංගම දුරකථනයකම පාහේ 4K video recording වැනි පහසුකම් තිබෙන නිසා device එකේ තිබෙන internal memory එක පහසුවෙන්ම පිරීයාමේ ගැටළුව විසඳාගැනීමට මේ ආකාරයේ Memory Card භාවිතා කළ හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ අනුව Micron c200 1TB microSDXC UHS-I card එකේ උපරිම reading speed එක තත්පරයට මෙගාබයිට් 100ක් (100MB/s) වන අතර writing speed එක තත්පරයට මෙගාබයිට් 95ක් (95MB/s) වන බව වාර්ථා වන අතර SanDisk සමාගමේ 1TB SanDisk Extreme UHS-I microSDXC card එකේ reading speed එක තත්ත්පරයට මෙගාබයිට් 160ක් (160MB/s) මෙන්ම writing speed එක තත්ත්පරයට මෙගාබයිට් 90ක් (90MB/s) බව වාර්ථා වෙනවා.

Brand Read Speed Write Speed
Micron 100MB/s 95MB/s
SanDisk 160MB/s 90MB/s

කොහොම වුණත් තවමත් මේ අලුත් memory cards වෙළඳපොලට ඉදිරිපත් කර නොමැති අතර මේ වසරේ මැද භාගය වන විට එය වෙළඳපොලට හඳුන්වා දීමට ඔවුන් සූදානමින් සිටිනවා.

SanDisk සමාගම ඔවුන්ගේ 1TB microSD card එක ඇමරිකානු ඩොලර් 499.99කට මිළ නියම කර ඇති නමුත් Micron සමාගමෙහි මිළ ගණන් තවමත් ප්‍රසිද්ධියට පත් කර නැහැ. එසේ නමුත් ඔවුන්ගේ මිළ ගණන් ද මීට ආසන්න ප්‍රමාණයක් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Softpedia වෙබ් අඩවිය භාවිතා කළ හැක.