Microsoft ආයතන ඔවුන්ගේ Windows 10 හි taskbar එකට විශාල වෙනසක් ලබාදී ඇති අතර ඒ taskbar එක තුළින්ම කාලගුණය සහ නවතම ප්‍රවෘත්ති ඉතා පහසුවෙන් බලාගැනීමට හැකිවන පරිදි widgets කිහිපයක් හදුන්වා දීමෙනි.

මෙම පහසුකම් දැනටමත් Microsoft Windows 10 මෙහෙයුම් පද්ධතියේ අත්හදාබලන්නන් (Insider වරුන්) හට ලබාදී ඇති අතර මෙහිදී ඔබට Start menu එක open නොකර, වෙනත් application එකක් භාවිතා නොකර ඉතා පහසුවෙන් කාලගුණය, ප්‍රවෘත්ති වැනි දේ taskbar එක තුළින්ම බලාගැනීමට හැකිවනු ඇත.

Taskbar එකෙන් කුඩා වින්ඩෝවක් open වී feed එකක් මත මෙම විස්තර පෙනවන අතර එහි නවතම ප්‍රවෘත්ති මෙන්ම කාලගුණය පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන වෙනවා.

මෙහිදී News ලබාදීම සදහා භාවිතා වෙන්නේ Microsoft News සේවාව වන අතර මෙම එහි මූලාශ්‍ර 4,500 කින් පමණ ලබාගන්නා News සහ articles මේ හරහා පෙන්වීමට කටයුතු කරනවා.

Microsoft ආයතනය මෙම පහසුකම සදහා කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කර ඇති අතර මෙමගින් පරිශීලකයා වැඩි කැමැත්තක් දක්වන මාතෘකාවන්ට අදාළ News සහ articles වැඩියෙන් පෙන්වනු ලබන බවත්, පරිශීලකයින් නොබලා මගහැර යන ආකාරයේ News සහ articles නැවත නොපෙන්වීමට කටයුතු කරනු ලබනවා.

Windows Insiders Program එකට සම්බන්ධ වී ඇති පරිශීලකයින් හට මේ වන විට මීට අදාල update එක (Windows 10 build 21286) නිකුත් කර ඇති අතර, මෙය Virtual machine එකක හෝ අත්හදාබැලීමට කැමති නම්, මීට අදාල ISO images ද නිකුත් කර ඇති බැවින් ඒවා භාවිතා කළ හැකි වෙනවා.

මේ වසර අවසාන වන විට සියළුම පරිශීලකයින්ට මෙම පහසුකම ලබාදීමට නියමිත වන අතර මෙම අත්හදා බැලීම නිල වශයෙන් ලබා දී තිබෙන්නෙ US, Canada, Australia සහ India යන රටවල්වල සිටින පරිශීලකයින් සදහා පමණි.

Chromium පාදක කරගත් Microsoft සමාගමේ Edge Web Browser එක ගැන TechNews.LK පාඨක ඔබව අපි මීට පෙර දැනුවත් කළා මතක ඇති. මේ පහසුකම භාවිතා කිරීමට නම් මේ අලුත් Browser එකේ නවතම සංස්කරණය ඔබගේ Windows 10 මෙහෙයුම් පද්ධතිය තුළ install කර තිබිය යුතුය. ඊට හේතුව ඔබ ඉහත සදහන් කළ නවතම feed එකෙන් News එකක් මත click කිරීමෙන් එය Edge browser එකෙන් open වී එය කියවීමට පහසු වන Reading View එකෙන් පෙන්වීමයි.

මෙය ad-free පහසුකමක් වන අතර, ඔබ මෙය භාවිතා කරන්නේ නැතිනම් එය disable කිරීමටද හැකියාවක් ඇත. මීට පෙරද Taskbar එකට හදුන්වා දුන් People bar එකද පරිශීලකයින් හට ඉතා ප්‍රයෝජනවත් වුණ පහසුකමක් විය.

මෙම People Bar එක තුළදී ඉතා පහසුවෙන් ඔබ ළඟ ඇති contacts භාවිතා කිරීමට හැකියාව ලැබුණු නමුත් මෙය Mail සහ Skype වැනි apps සමග පමණක් සහයෝගය දැක්වූ පහසුකමකි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Softpediaවෙබ් අඩවිය භාවිතා කළ හැක.