Microsoft Edge කියන්නේ Windows 10 සමග Microsoft සමාගම විසින් හදුන්වාදුන් Web browser එකක් වන අතර මේ Web Browser එක ගොඩක් වේගවත්, අඩු බැටරි භාවිතයක් සහිත වගේම ගොඩක් අාරක්ෂාකාරීි Web Browser එකක් කිව්වොත් නිවැරදියි.

කොහොම නමුත් මේ Web Browser එක Windows 10 වල default Web Browser එක විදිහට පැමිණියත් බහුතරක් දෙනා Chrome හෝ Firefox වගේ වෙනත් Web Browser භාවිතා කරන්න  පුරුදුවෙලා ඉන්නවා.

Web Browser වල market share එක පිළිබඳව අවධානය යොමු කළ විට මෙය මනාව පැහැදිළි වෙනවා.

ඉතින් මේ හේතුව නිසාම  Microsoft Windows 10 භාවිතා කරන්නන් Microsoft Edge තුල රදවා තබාගන්න විවිධ උපක්‍රම සිදුකරනු ලබනවා

ඒ අතරින් Default Browser එක වෙනත්  Browser  මාරු කිරීමට කටයුතු කිරීමේදී විවිධ නිවේදන ලබා දීම.

Chrome බැටරි භාවිතය වැඩි බව පෙන්වන Notification හෝ  Pop Up වගේ විවිධ දේවල් වලින් පෙන්වීම.  

ඉහත සඳහන් විවිධ උපක්‍රම අනුගමනය කරමින් අන්තර්ජාල භාවිතා කරන්නන් තම Browser එකෙහිම රඳවා ගැනීමට Microsoft සමාගම උත්සාහ කරන නමුත් මේ උපක්‍රම කිසිවකින්  Microsoft Edge වල පැහැදිලි වර්ධනයක් නම් දැක ගන්න ලැබුන බවක් පෙනෙන්නට නැහැ.

එ් නිසා මොවුන් මෙවර වෙනත් Web Browser Install කිරීම සීමා කිරීමට සැරසෙන බවක් පෙනෙන්නට තිබෙන අතර Windows 10 Insiders සංස්කරණයේ දී වෙනත් Chrome හෝ Firefox Install කිරීමට උත්සාහ කිරීමේදී  “You already have Microsoft Edge – the safer, faster browser for Windows 10” ලෙස Pop Up Window එකක් මගින් වෙනත් web Browser එකක් Install කිරීමට අවශය නොමැති බවත් Microsoft Edge භාවිතා කර බලන ලෙසත් user ට පෙන්වීමට කටයුතු කරනු ලබනවා.

කොහොම නමුත් "Install anyway" විධානය මගින් තමන්ට කැමති ලෙස වෙනත් Web Browser එකක් භාවිතයට අදාල පුද්ගලයාට ඉඩකඩ ලැබෙනවා.

කොහොම නමුත් මේ පහසුකම Windows 10 Insiders සංස්කරණයේ පමණක් මේ වන විට අන්තර්ගත වන අතර නුදුරු දිනක නිකුත් වීමට තිබෙන Windows 10 October update එකට මෙය එකතු කිරීමට කටයුතු නොකරන බව Microsoft සමාගම විසින් The Verge වෙබ් අඩවියට තහවුරු කර තිබෙනවා.