ඊයේ දිනයේ එනම් 13/09/2018 වන දා ලොව පුරා බොහෝමයක් Android Pie භාවිතා කරන්නන්ගේ Battery Saver එක ස්ව්‍යංක්‍රීයවම on වී තිබුණු බව වාර්ථා වෙන අතර එයට හේතුව Google සමාගම විසින් පැහැදිළි කරනු ලැබ තිබෙනවා.

Google සමාගම විසින් සමාගම තුල පමණක් සිදු කිරීමට නියමිත වූ අත්හදාබැලීමක් වැරදීමකින් ලොව පුරා Android Pie භාවිතා කරන්නන් විශාල ප්‍රමාණයකට නිකුත් වීම හේතුවෙන්, අදාල ජංගම දුරකථන වල Battery එක සම්පූර්ණයෙන්ම charge වී තිබුණත්, power saver පහසුකම ස්ව්‍යංක්‍රීයව on වී තිබෙනවා.

මෙයට හසු වූ ජංගම දුරකථන වල මීට අදාල settings පරීක්ෂා කළ විට දැකගන්නට හැකි වී තිබුණේ battery power එක 99% කට පැමිණි පසු ස්ව්‍යංක්‍රීයවම power saver පහසුකම on වන ලෙස settings සකසා ඇති ආකාරයයි.

සාමාන්‍යයෙන් මෙම අගය 75%න් ඉහළ අගයකට set කිරීමට කිසිඳු භාවිතා කරන්නෙකුට හැකියාවක් ලබා දී නොමැති අතර මෙම සිද්ධියෙන් පසුව දහස් ගණනක් Android Pie භාවිතා කරන්නන් Google Pixel, Essential, Android වලට අදාල Reddit thread වලට පැමිණ මෙම ගැටළුව වාර්ථා කර තිබුණා.

මේ වන විට Google සමාගමෙන් නිළ වශයෙන් මෙම සිදුවීම ගැන නිවේදනයක් නිකුත් කර ඇති අතර ඒ හරහා මෙම සිදුවීම පිළිබඳව ඔවුන්ගේ කනගාටුව ප්‍රකාශ කරන අතර අදාල settings reset කිරීමට ඔවුන් කටයුතු කළ බවත් නැවත් එම settings තමන් කැමති ආකාරයට සකසා ගන්නා මෙන් ඔවුන් භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටිනවා.

“Hi all, some of you may have noticed that battery saver turned on automatically today. This was an internal experiment to test battery saving features that was mistakenly rolled out to more users than intended. We have now rolled battery saver settings back to default. Please configure to your liking. Sorry for the confusion.”

අදාල සිදුවීම හරහා සිදු වූ පාඩුව ඒ තරම් නොවුවත්, මේ වන විට අප නොදැනුවත්වම අපේ ජංගම දුරකථනයේ තිබෙන settings පවා වෙනස් කිරීමට Google සමාගමට ඇති හැකියාව පිළිබඳව මේ මගින් මනාව පැහැදිළි වෙනවා.

Device Health Services සහ Google Play Services යන apps වලට ලබා දී ඇති permissions පරීක්ෂා කර බැලුවහොත් අප විසින් නොදැනුවත්වම ඔවුන්ට කෙතරම් බලයක් ලබා දී ඇත්දැයි දැකගත හැකි වන අතර මෙය ඉතාමත් භයානක තත්ත්වයක් බව වැටහෙනු ඇති.