පසුගිය සැප්තැම්බර් මාසයේ මුල් භාගය වන විට Windows 7 වල market share එක අභිබවා යන්නට Windows 10 සූදානම් වන බව අප ඔබව දැනුවත් කළා මතක ඇති.

එමෙන්ම මේ වන විට ලොව පුරා භාවිතා වන Windows පරිඝනක වලින් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක Windows 10 ධාවනය වන බව Stat Counter වෙබ් අඩවියේ සංඛ්‍යාලේඛන වලට අනුව දැකගතහැකි වෙනවා.

මේ අනුව සැප්තැම්බර් මාසය අවසන් වන විට 50.07% ක පැවැති Windows 10 market share එක මේ වන විට 51.94% දක්වා ඉහළ ගොස් ඇති අතර ලොව වැඩිම දෙනෙකු භාවිතා කරනු ලබන පරිගණක මෙහෙයුම් පද්ධතිය ලෙස කිරුළු දරා සිටිනවා.

මෙම ලැයිස්තුවේ 37.2% ක ප්‍රමාණයක market share එකක් වාර්ථා කරමින් Windows 7 තවමත් දෙවැනි ස්ථානයේ පසුවන අතර සැප්තැම්බර් අග වන විට එහි ප්‍රතිශතය වාර්ථා වූයේ 36.31%ක් ලෙසයි.

අනෙකුත් සියළුම මෙහෙයුම් පද්ධති මෙම OS යුගලයට වඩා ඉතා දුරින් සිටින අතර 7.02% ක ප්‍රතිශතයක් වාර්ථා කරමින් තෙවැනි ස්ථානය Windows 8.1 සහ 2.16%ක් වාර්ථා කරමින් සිවුවන ස්ථානය හිමි කරගනු ලබනවා.

කෙසේ වෙතත් ලොව සියළුම devices බළගැන්වෙන මෙහෙයුම් පද්ධති සියල්ල එක්ව ගත් විට Windows සහ Android කරට කර සිටින බව වාර්ථා වලින් දැකගතහැකි වන අතර iOS සහ OS X පිළිවෙලින් මීළඟ ස්ථාන හිමි කර ගනු ලබනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Stat Counter වෙබ් අඩවිය හා Softpedia වෙබ් අඩවිය භාවිතා කළ හැක.