ලබන වසරේ වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත Intel Xeon මාදිලියේ අලුත්ම Processor එක ගැන නිවේදනයක් නිකුත් කිරීමට Intel සමාගම කටයුතු කර තිබෙනවා.‍

මේ processor එක Cascade Lake Advanced Performance යන නමින් නම් කර ඇති අතර channels දෙකක් සඳහා සහාය දක්වනවා. එමෙන්ම එක් channel එකකට cores 48ක් සහ DDR4 channel 12ක් දක්වා සහාය දක්වනවා.

ඒ අනුව එක් server එකක් මතදී අදාල channel දෙකම භාවිතා කර cores 96ක් සහ DDR4 channel 24ක් භාවිතා කරමින් ඉතාමත් වැඩි බලයක් ජනිත කිරීමට මේ processor මාදිලිය හරහා හැකියාව ලැබෙනු ඇත.

දැනට පවතින Xeon Scalable Processors වලදී උපරිමය cores 28 කට හා threads 56 කට සීමා වන අතර මේ වන විට වෙළඳපොලේ මිලදීගැනීමට ඇති Xeon Processors සමඟ සසඳා බළන විට මෙය විශාල වැඩිදියුණු කිරීමක් වන බව ඔවුන් පෙන්වා දෙනවා.

සාමාන්‍යයෙන් Intel සමාගම විසින් core ගණන සහ threads ගණන එක විට පැවසීමට කටයුතු කලත්, මෙවර ඔවුන් මෙම processor එකේ ඇති cores ගණන පමණක් මාධ්‍යය හමුවේ ප්‍රකාශ කළ අතර පසුගිය දින වල මහා ආන්දෝලනයකට තුඩු දුන් Spectre සහ Meltdown යන අනතුරු මඟහැරවීමට ද කටයුතු කර තිබෙනවා.

කොහොම වුණත් AMD සමාගමේ Epyc processor එකට වඩා 240% ගුණයකින් ද, මෙම Xeon processor මාලාවේ මීට පැරණි මාදිලියට වඩා 20% ගුණයකින් ද මෙය බළසම්පන්න බව ඔවුන් අවධාරණය කර සිටිනු ලැබුවා.

මීට අමතරව neural networks ගොඩනැගීම සඳහා මෙන්ම image matching algorithms ධාවනය කිරීමට මෙය ඉතාමත් සුදුසු බව පෙන්වා දෙන අතර මේ අලුත් මාදිලියේදී පැරණි මාදිලියට වඩා 17x ගුණයකින් මෙය වේගවත් බව ඔවුන් ප්‍රකාශ කරනවා.

මේ Xeon Advanced Performance මාදිලියේ processors වෙළඳපොලට පැමිණෙන විට ලබන වසරේ මැද භාගය පමණ වේවි යැයි Intel සමාගම විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Toms Hardware වෙබ් අඩවිය හා Ars Technica වෙබ් අඩවිය භාවිතා කළ හැක.