පසුගිය සැප්තැම්බර් මාසයේ අග Facebook හි තිබූ දුර්වලතාවක් නිසා ගිණුම් මිලියන 50කට වැඩි ප්‍රමාණයක් hack වීමක් ගැන අපි ඔබ වෙත වාර්ථා කරන්නට කටයුතු කළා මතක ඇති.

ඔන්න දැන් තවත් Facebook ගිණුම් 81,000ක පමණ private messages ඇතුළු දත්ත අන්තර්ජාලය හරහා විකිණීමට කටයුතු කර ඇති බව BBC පුවත් සේවය වාර්ථා කරනු ලබනවා.

මෙම දත්ත පිටවීම පිළිබඳව පළමුවෙන්ම වාර්ථා වී තිබෙන්නේ ද පසුගිය සැප්තැම්බර් මාසයේ වන අතර අදාල hacker විසින් forum එකකදී මෙම දත්ත විකිණීමට ඇති බවට නිවේදනයක් පළ කර තිබෙනවා.

මෙම දත්ත ලබා ගැනීම කලින් සඳහන් කළ ගිණුම් මිලියන 50 සිද්ධියට සම්බන්ධයක් නොමැති වන අතර මේ සඳහා යොදාගෙන තිබෙන්නේ අපි නිතර භාවිතා කරනු ලබන Browser extensions බව දැනගන්නට ලැබෙනවා.

ඔවුන් අතැති Facebook ගිණුම් මිලියන 120ක දත්ත අතුරින් මෙම 81,000 සාම්පල වශයෙන් නිකුත් කර ඇති අතර එක් ගිණුමක දත්ත ඩොලර් ශත 10ක්, එනම් ආසන්න වශයෙන් රුපියල් 17ක් වැනි මුදලකට අලෙවි කිරීමට ඔවුන් කටයුතු සූදානම් කර තිබෙනවා.

මේ හරහා hack වී ඇති Facebook ගිණුම් වලින් වැඩි ප්‍රමාණය රුසියාවට හා යුක්රේනයට අයත් වන අතර ඇමෙරිකානු එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ඇතුළු තවත් රටවල් රාශියක Facebook ගිණුම් වල දත්ත ද මෙයට ඇතුලත් වන බව දැනගන්නට ලැබෙනවා.

ඔබේ web browser එකෙහි ඇති extensions පිළිබඳව මෙන්ම පරිඝනකයෙහි දැනුවත්ව හෝ නොදැනුවත්වම install වී ඇති programs පිළබඳ සැළකිලිමත් වීමෙන් මෙවැනි අවධානම් වලින් දුරස් වී සිටීමට හැකියාව ලැබෙනු ඇත.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා BBC වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.