Microsoft Surface hardware event එකේදි හදුන්වා දුන් තවත් ඉතා අනර්ඝ අංගයක් තමයි Your Phone කියන අැප් එක.

මේ හරහා ඔයාගේ Android device එක Windows වලදි ඉතා පහසුවෙන් හසුරුවන්න වගේම ඔයාගේ Android phone එකේ තිබෙන Photos වගේම Text Messages ඉතා පහසුවෙන්ම හසුරුවන්න හැකියාව ලැබෙනවා.

October Windows 10 Update  එකත් සමග ලබාදෙන මේ පහසුකම හරහා පියවර කීපයක් තුළින් ඉතා පහසුවෙන් කිසිම USB Cable එකක් රහිතව ඔයාගේ Android device එක ඔයාගේ පරිගණකය හා සම්බන්ධ කරගන්න පුලුවන්.

මේ සදහා Your Phone Companion කියන App එක ඔයාගේ Android Phone එකට install කරගැනීමට අවශය වෙනවා. මේ App එක මේ වෙනකොට Google Play Store එක හරහා Download කර ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.

මේ App එක install කරගැනීමෙන් අනතුරුව ඔයාගේ Microsoft account එක හරහා login විය යුතු වන අතර අදාල access ලබා දුන්නට පසුව ඔයාගේ පරිගණකයේ Your Phone app එක pop up වීමක් ලෙසින් බලාගන්න පුලුවන්.

ඉතින් මේ විදිහට ඔයාගේ Android Device එක Windows 10 එක්ක Connect කර ගැනීමෙන් පසුව ඉතා පහසුවෙන් smartphone එකේ තිබෙන අලුත්ම photos හා text messages වලට Windows වල ඉදන්ම access කිරීමේ හැකියාව ලැබෙනවා.

එ් වගේම Windows 10 පරිඝනකයේ තිබෙන photos වුනත් ඔයාගේ phone එකේ තිබෙන contact වලට පහසුවෙන්ම යවන්න, එ් වගේම social network වල share කිරීම වගේ දේවලුත් ඉතා පහසුවෙන් කරන්න අවස්ථාව ලැබෙනවා.

එ් වගේම ඔයාගේ phone එකේ සිට පරිඝනකට photo එකක් යවන්න ගතවෙන්නේ තත්පර 10-30ක් වගේ ඉතා කෙටි කාලයක් වන අතර මෙය iCloud හා සංසන්දනයේදී ඉතාමත් වේගවත් ක්‍රමයක් ලෙස සළකන්න පුලුවන්.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය සහ engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.