2016 පැරිස් මෝටර් Show හීදී Mercedes-Benz සමාගම විසින් ඔවුන්ගේ නවතම වාහන සමඟම සංකල්පයක් ලෙස සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ධාවනය වන EQ නම් SUV රථය එළි දක්වන්නට කටයුතු කළා.

ඉතින් ඊට වසර දෙකකට පසු, එනම් මේ වනවිට ඔවුන් එම සංකල්පය වෙලඳපොළට එළිදැක්විය හැකි, නිම කරන ලද වාහනයක් ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මෙම රථය Mercedes-Benz EQC ලෙස නම් කර තිබෙනවා. මෙම වාහනය ගැන දැනට දුටුවන් පවසන්නේ එය ඉතාමත් සිත් ඇදගන්නා සුලු නිර්මාණයක් බව හා එයට ඔවුන් USB-C වර්ගයේ Port එකක් ඇතුලත් කිරීම මගින් පැහැදිලි වෙනසක් කර ඇති බවයි.

මෙම වාහනය දැනටමත් නිම කරන ලද නිශ්පාදනයක් වුවත් එය ඇමෙරිකානු වෙළඳපොළට නිකුත් වන්නේ තව වසර දෙකකට පමණ පසුව බවයි ඔවුන් පවසන්නේ. මෙහි අනෙක් විශේෂාංග එක්ක බලද්දී ලොකුම වෙනස වෙලා තියෙන්නේ USB-C පොර්ට් එක. මොකද මේ වනතුරු වෙළදපොළට පැමිණි විවිධ සුඛෝපභෝගී වාහන වල වුවත් Smartphone එකක් charge කරන්නට විවිධ cable හෝ වෙනත් උපාංග භාවිතා කිරීමට සිදු උනා.

තවද මෙම වාහනය වඩාත් ලොකුත් නැති, පොඩිත් නැති, ඉඩකඩ සහිත සහ වඩාත් සුවපහසු ලෙස පැද යා හැකි වාහනයක් ලෙසටයි ඔවුන් හඳුන්වා දෙන්නේ. Mercedes-Benz සමාගමේ Electric වාහන අංශයේ ප්‍රධානී වන Jochen Hermann පවසා තිබෙන්නේ ඔවුන්ට මෙම SUV රථය සරළ එනමුත් සංකීර්ණ තත්වයක තබාගත යුතු බැවින් මෙවැනි විවිධ වෙනස්කම් කිරීමට සිදුවූ බවයී.

එසේම ඔවුන් මෙම වාහනය සදහා "Mercedes Me" නම් App එකක් නිර්මාණය කරලා තිබෙන අතර එම App එක මගින් වාහනයේ බැටරියේ තත්වය, ඉතිරිවී ඇති බැටරි ප්‍රමාණයෙන් ගමන් කර හැකි දුර වැනි විස්තර මගින් පාරිභෝගිකයාගේ ගමන් වඩාත් කාර්යක්ෂම ලෙස සංවිධානය කර ගැනීමට අවස්ථාව සලසා දීලා තියෙනවා.

මෙම SUV රථය මගින් එකවරක් charge කිරීමෙන් කිලෝමීටර 320ක් ධාවනය කළ හැකි බව ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. මෙම දුර ප්‍රමාණය අනෙකුත් electric SUV රථ වන Tesla හා Jaguar රථ සමඟ තරඟයක යෙදෙන බව නොඅනුමානයි.

මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය භාවිතා කළ හැක.