ලැප්ටොප් පරිඝනක මේ වනවිට විවිධ ක්ෂේත්‍ර වල පුද්ගලයින් භාවිතා කරනවා. ව්‍යාපාර කටයුතු, අධ්‍යාපනයට, වගේම Computer Games ගහන්නත් මේ ලැප්ටොප් පරිඝනක පාවිච්චි කරනවා.

මේ අංශය කොච්චර ප්‍රසිද්ධ ද කියනවනම් Gaming ලැප්ටොප් විතරක්ම නිශ්පාදනය කරන සමාගම් ආරම්භ කිරීමටත් මේ වෙනකොට කටයුතු සැකසිලා තිබෙනවා. මේ සමාගම් අතරින් මූලික එකක් තමයි Alienware කියන්නේ. මෙහි මව් සමාගම වෙන්නේ ලෝකප්‍රසිද්ධ Dell සමාගමයි.

Alienware m15 gaming පරිඝනකය

මේ Alienware සමාගම පසුගියදා ඔවුන්ගේ නවතම Gaming ලැප්ටොප් එක ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ තමයි Alienware m15 කියන පරිඝනකය. මෙම පරිඝනකයේ විශේෂත්වය වන්නේ මෙය ඔවුන් විසින් මෙතෙක් නිෂ්පාදනය කළ බරින් අඩුම හා සිහින්ම පරිඝනකය වීමයි.

මෙහි අනෙකුත් විශේෂාංග වන්නේ 8th Gen Intel Processor, 32 GB දක්වා වැඩි කළ හැකි RAM පද්ධතිය, හා විවිධ ආකාරයේ storage පහසුකම් කිහිපයක් ද ඇතුලත් වෙනවා. තවද 60Hz FHD Display එකක්, 144Hz FHD Display එකක් හා 60Hz UHD Display එකක් පාරිභෝගිකයන්ට අවශ්‍ය ආකාරයට තෝරාගැනීමට අවස්ථාව තිබෙනවා.

ඊට කලින් භාවිතා වූ Alienware Gaming Laptop එකක් හා Alienware m15

මෙහි බර කිලෝග්‍රෑම් 2.1 වන අතර සෙන්ටිමීටර් 2.1 පමණ ඝනකමකින් යුතු වන මෙය භාවිතයට හා හැසිරවීමට වඩාත් පහසු ලෙස නිර්මාණය කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙහි keyboard එක කලින් keyboard එකට වඩා සිහින් වෙන අතර, number padඑකක්ද ඇතුලත් වන පරිදි නිශ්පාදනය කර තිබෙනවා.

මෙහි බර හා සිහින් බව අනෙකුත් ලැප්ටොප් පරිගනක වලට වඩා අඩු බැවින් මෙය එදිනෙදා භාවිතයට ද සුදුසු ලෙස නම් කරලා තියෙනවා. එමෙන්ම මෙහි USB Ports 3ක්, USB-C Thunderbolt Port 1ක්, HDMI හා Mini Display Port, Ethernet හා Graphics Amplifier Port එකකින් සමන්විත වෙනවා.

මෙම පරිගනකය ඔක්තෝම්බර් 25 දින සිට $1299 (Rs. 221,000) පමණ මුදලකට ලබා ගත හැකි බවත් ඔවුන් වැඩිදුරටත් දන්වා සිටිනවා.

මේ ගැන වැඩි විස්තර theverge වෙබ් අඩවිය, techradar වෙබ් අඩවිය හා Dell සමාගමේ නිළ blog එක හරහා දැනගැනීමට අවස්ථාව තිබෙනවා.