නොවැම්බර් මස ආරම්භයේ සිට Apple සහ Android Smartphones මාදිලි වර්ග 43 ක් සඳහා තවදුරටත් WhatsApp භාවිතා කිරිම සඳහා සහය ලබා නොදෙන බව මේ වනවිට වාර්තා වෙනවා.

එමෙන්ම Whatsapp සමාගම විසින් iPhone 4S මාදිලිය සඳහා සහාය දැක්වීම නිළ වශයෙන් අවසන් කිරීමට කටයුතු කළ බවද මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

iPhone 4S ජංගම දුරකථන වල WhatsApp භාවිතා කිරීමේ හැකියාව නිළ වශයෙන් අවසන් කිරීමට කටයුතු කරයි
WhatsApp ආයතනය විසින් මේ වන විට iOS සඳහා අලුත් Update එකක් ලබාදීමට කටයුතු කර ඇති අතර, ඒ සමඟින් iPhone 4S මාදිලිය සඳහා සහාය දැක්වීම නිළ වශයෙන් අවසන් කිරීමට කටයුතු කර

කෙසේ වෙතත් මෑතකදී Google සමාගම විසින් ද Android Gingerbread සහ ඊට පෙර Android සංස්කරණ සහිත ජංගම දුරකථන මගින් Google account එකකට sign-in වීමේ හැකියාව අවහිර කිරිමට කටයුතු කරනු ලැබුවා. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පරිශීලකයින්ගේ ගිණුම් වල ආරක්ෂාව තර කිරිමට මෙන්ම නවතම පහසුකම් සඳහා compatible නොවීමයි.

ඒ අනුව WhatsApp FAQ වෙබ් පිටුව  මගින් ඔවුන් පෙන්වා දෙන්නේ Android OS 4.1, Apple iOS 10 සහ KaiOS 2.5.1 හෝ ඊට පෙර ඇති සංස්කරණ සහිත Smartphones මාදිලි වර්ග කිහිපයක් සඳහා ඉදිරි නොවැම්බර් 1 වන දින වන විට WhatsApp සහය ලබාදීම අවහිර කරන බවයි.


නොවැම්බර් 1 සිට තවදුරටත් WhatsApp සඳහා සහය නොදක්වනු ඇතැයි අපේක්ශිත ජංගම දුරකථන මාදිලි වර්ග,

Apple devices

first generation වර්ගයේ iPhone SE, 6s සහ 6s Plus මාදිලි වර්ග,මේ සඳහා iOS 10 වෙතින් යාවත්කාලීන නොකළහොත් WhatsApp සඳහා සහය අහිමිවෙනු ලබයි.

Samsung devices

Samsung Galaxy Trend Lite, Galaxy Trend II, Galaxy S2, Galaxy S3 mini, Galaxy Xcover 2, Galaxy Core සහ Galaxy Ace 2 මාදිලි වර්ග.

LG devices

LG Lucid 2, Optimus F7, Optimus F5, Optimus L3 II Dual, Optimus F5, Optimus L5, Optimus L5 II, Optimus L5 Dual, Optimus L3 II, Optimus L7, Optimus L7 II Dual, Optimus L7 II, Optimus F6, Enact, Optimus L4 II Dual, Optimus F3, Optimus L4 II, Optimus L2 II, Optimus Nitro HD සහ 4X HD, සහ Optimus F3Q මාදිලි වර්ග.

Huawei devices

Huawei Ascend G740, Ascend Mate, Ascend D Quad XL, Ascend D1 Quad XL, Ascend P1 S සහ Ascend D2 මාදිලි වර්ග.

Sony devices

Sony Xperia Miro, Sony Xperia Neo L සහ Xperia Arc S වර්ගයේ මාදිලි.

වෙනත්

ZTE Grand S Flex, ZTE V956, Grand X Quad V987 සහ Grand Memo, Alcatel One Touch Evo 7, Archos 53 Platinum, HTC Desire 500, Caterpillar Cat B15, Wiko Cink Five, Wiko Darknight, Lenovo A820, UMi X2, Faea F1 සහ THL W8 මාදිලි වර්ගයේ devices සඳහා WhatsApp සහය අහිමි වී යන බවට වාර්තා වෙනවා.

මේ මාදිලි වර්ග අතරින් හෝ ඔබ භාවිතා කරන ජංගම දුරකථනය Android OS 4.1, iPhone OS 10 සහ KaiOS 2.5.1 හෝ ඊට පෙර ඇති පැරණී සංස්කරණක් නම් මෙන්ම එය ඉහත සඳහන් සංසකරණයක් වෙත update කළ නොහැකි නම්, ඔබට වෙනත් ජංගම දුරකතනයකට මාරු වීමට හෝ වෙනත් messaging platform එකකට මාරු වීමට සිදුවෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා WhatsApp FAQ නිළ වෙබ් අඩවිය සහ The national news වෙබ් අඩවිය භාවිතා කළ හැක.