WhatsApp සමාගම විසින් පසුගිය මාස කිහිපය පුරාවටම WhatsApp පරීශීලකයන් සඳහා WhatsApp Web සඳහා fingerprint support එක ලබාදීම ඇතුළු පහසුකම් කිහිපයක්ම එකතු කිරීමට කටයුතු කරනු ලැබුවා.

WhatsApp web app එකට පිවිසීම සඳහා ඉදිරියේදී fingerprint verification පහසුකම එකතු කිරීමට සූදානම් වන ලකුණු
ප්‍රධාන WhatsApp app වලට fingerprint authentication ක්‍රමය එකතු කිරීමට WhatsAppආයතනය කටයුතු කළ බව මීට පෙර ඔබව දැනුවත් කළා මතක ඇති. WhatsApp සඳහා Fingerprint authentication ක්‍රමය Android සඳහා ලබාදීමට WhatsAppආයතනය කටයුතු කරයිWhatsApp සඳහා Fingerprint authentication ක්‍රමය එකතු කිරීමටWhatsApp ආයත…

මේ වන විට WABetaInfo වෙබ් අඩවිය විසින් සඳහන් කරන ආකාරයට, WhatsApp සමාගම විසින් Android පරිශීලකයන් සඳහා WhatsApp 2.20.201.1 beta version එක නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර, ඒ හරහා expiring media යනුවෙන් නව විශේෂාංගයක් හඳුන්වාදීමට ද කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.

මෙම නව විශේෂාංගය expiring messages විශේෂාංගයට තරමක් සමාන වන අතර මේ හරහා පණිවිඩය ලබන්නා chat එකෙන් ඉවත් වූ වහාම ස්වයංක්‍රීයව අතුරුදහන් වන images, videos සහ GIFs send කිරීමට පරිශීලකයින් හට අවස්ථාව ලබාදෙනවා.

ඉහත screenshot එකෙහි දැක්වෙන ආකාරයට, media sharing screen එකෙහි ඇති නව timer button එක මත tap කිරීම මගින් expiring media send කිරීමට පරිශීලකයින් හට හැකියාව හිමිවන අතර එය tap කිරීමෙන් පසුව button එක කොළ පැහැයට හැරෙමින් ඔබ share කර ගැනීමට යන media file එක ස්වයංක්‍රීයව expire වන බව පරිශීලකයින් හට දැන ගැනීමට සලස්වනවා.

කෙසේ වෙතත්, මෙම නව විශේෂාංගයට media file එක expire වීම සඳහා නිශ්චිත කාල සීමාවක් ලබා නොදෙන අතර recipient chat එකෙන් ඉවත් වූ වහාම, ක්ෂණිකවම media file එක අතුරුදහන් වේ.

Expiring media විශේෂාංගය භාවිතයෙන් send කල media file එකක් අතුරුදහන් වීමෙන් පසුව “This media has expired” වැනි message එකක් ද නොපෙන්වන බව සඳහන් වන අතර, expiring media සඳහා වන UI එක සාමාන්‍ය media files වලට සමාන නොවන බවද සඳහන් කලයුතු වෙනවා.

දැනට expiring media විශේෂාංගය සඳහා screenshot ලබාගන්නා බව හඳුනාගැනීමේ අංගයක් WhatsApp වෙත ඇතුළත් වී ඇති බවට කිසිඳු සාක්ෂියක් නොමැති අතර එය අන්තර්ගත නොකළහොත් අදාල පුද්ගලයා හට පසුකාලීන භාවිතය සඳහා expiring media වල screenshot එකක් පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

කෙසේ නමුත්, මෙම විශේෂාංගය තවමත් develop කරමින් පවතින බැවින්, අනාගත release එකකදී එවැනි option එකක් ද WhatsApp වෙත එකතු කිරීමට හැකියාවක් පවතිනවා.

WhatsApp සමාගම විසින් තවමත් expiring media විශේෂාංගය පිළිබඳ නිළ තොරතුරු කිසිවක් නිකුත් කර නොමැති අතර මෙම විශේෂාංගය පරිශීලකයන් වෙත නිකුත් කිරීමට නියමිත කාලවකවානුවක් පිළිබඳව ද කිසිදු තොරතුරක් දැන ගැනීමට හැකිවන්නේ නැහැ.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Authority වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ WABetaInfo වෙබ් අඩවිය භාවිතා කළ හැක.