අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි වලින් 40%ක පමණ බහුතර ප්‍රමාණයක් WordPress භාවිතා කරමින් නිර්මාණය කළ ඒවා බව අමුතුවෙන් කිවයුතු නැහැ.

එමෙන්ම WordPress මත වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී බහුතරයක් දෙනා නිතර භාවිතා කරන plugins ද්විත්වයක් ලෙස Elementor සහ WP Super Cache plugins පෙන්වාදිය හැකි අතර, මේ වන විට මෙම plugin ද්විත්වයෙහි ඇති දුර්වලතාවයක් සොයාගැනීමට Wordfence ආයතනයේ පරීක්ෂකයින් පිරිසක් සමත් වී තිබෙනවා.

Cross-Site Scripting Vulnerabilities in Elementor Impact Over 7 Million Sites
Any user able to access the Elementor page builder could inject malicious JavaScript, potentially leading to site takeover.

මෙම දුර්වලතාවය භාවිතා කරමින් අදාල වෙබ් අඩවියෙහි admin access ලබාගැනීමට පවා හැකියාව ඇති බව The Hacker News වෙබ් අඩවිය පෙන්වාදෙන අතර, ඔබ මෙම plugins වලින් එකක් හෝ භාවිතා කරන්නේ නම් හැකි ඉක්මණින් එහි අලුත්ම සංස්කරණය වෙත update කරගන්නා ලෙස ඔවුන් උපදෙස් ලබාදී තිබෙනවා.

Elementor plugin එකේ 3.1.4 වැනි සංස්කරණයෙහි සහ WP Super Cache plugin එකේ 1.7.2 සංස්කරණයෙහිදී මෙම දුර්වලතාවය fix කර ඇති අතර, මෙහි ප්‍රධානතම දුර්වලතාවය වන්නේ cross-site scripting (XSS) යන attacks සිදු කිරීමේ හැකියාව ලැබීමයි.

බොහෝ විට WordPress වෙබ් අඩවියකදී සාමාන්‍යය user කෙනෙකු විසින් ලියන ලිපි admin හෝ editor කෙනෙකු විසින් review කරනු ලබන අතර, එලෙස review කිරීම සඳහා අදාල ලිපි open කිරීමේදී, ඇඩ්මින්වරයාගේ session එක භාවිතා කරමින් තවත් admin user කෙනෙකු ස්ව්‍යංක්‍රීයවම නිර්මාණය වන ලෙස XSS attack එකක් සිදු කිරීමේ හැකියාව මේ හරහා ලැබී තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Hacker News වෙබ් අඩවිය සහ නිළ Wordfence වෙබ් අඩවිය භාවිතා කළ හැක.