Huawei සමාගම, DJI සමාගම, SMIC සමාගම සහ තවත් චීන සමාගම් ගණනාවක් මේ වන විටත් ඇමෙරිකානු වෙළඳ තහනමකට ලක්ව ඇති බව TechNews.LK පාඨක ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ.

මේ අතර ලොව විශාලතම smartphone නිෂ්පාදකයින්ගෙ 3 වැනි ස්ථානයේ සිටින Xiaomi සමාගම ඇතුළු තවත් ආයතන 8ක් ද Communist Chinese military companies ලෙස ඔවුන්ගේ military blacklist එකට එකතු කිරීමට කටයුතු කර තිබෙන බව ඇමෙරිකානු ආරක්ෂක අංශය විසින් වාර්තා කර තිබෙනවා.

DOD Releases List of Additional Companies, In Accordance with Section 1237 of FY99 NDAA
The Defense Department released the names of additional “Communist Chinese military companies” operating directly or indirectly in the United States in accordance with the statutory requirement of

කොහොම නමුත් Huawei සමාගම, DJI සමාගම වැනි සමාගම් වර්ගීකරණය කර ඇති ඇමෙරිකානු වාණිජ දෙපාර්තමෙන්තුවේ ඇති entity list එක සහ Xiaomi සමාගම වර්ගීකරණය කර ඇති military blacklist එකෙහි ඇති ආයතන වලට බලපාන තත්ත්වයන් එකෙිනකට වෙනස් බව දැකගත හැකි වෙනවා.

Entity list එකට අයත් සමාගම් වලට ඇමෙරිකානු තාක්ෂණය භාවිතා කිරීම තහනම් කර ඇති අතර, එම සමාගම් සමඟ ගණුදෙනු කිරීම සහ වෙළඳ කටයුතු සිදු කිරීම ද ඇමෙරිකානු සමාගම් වලට තහනම් කර තිබෙනවා.

කොහොම නමුත් මේ military blacklist එකට අදාල සමාගම් වලට තවදුරටත් ඇමෙරිකානු තාක්ෂණයන් භාවිතා කිරීම සහ ඇමෙරිකානු සමාගම් සමඟ වෙළඳ කටයුතු කිරීමේ හැකියාව පවතින නමුත්, ඇමෙරිකානු සමාගම් වලට Xiaomi සමාගමේ කොටස් මිලදීගැනීමේ හැකියාව ඇතුළු ආයෝජනය කිරීමේ අවස්ථාවන් අහිමි වෙනවා.

මේ වන විටත් මෙලෙස ආයෝජනයන් සිදු කර ඇති ඇමෙරිකානු සමාගම් වලට තම ආයෝජනයන් නැවත ලබාගැනීම සඳහා 2021 වර්ෂයේ නොවැම්බර් 11 වැනි දින දක්වා සහන කාලයක් ලබාදීමට ද ඩොනල්ඩ් ට්‍රම්ප් මූලික ඇමෙරිකානු රජය කටයුතු කර තිබෙනවා.

කොහොම නමුත් ඇමෙරිකානු රජය විසින් Xiaomi සමාගම මෙලෙස Communist Chinese military company එකක් ලෙස නම් කිරීමට කටයුතු කලත්, ඒ සඳහා කිසිඳු පැහැදිලි සාක්ෂියක් ඉදිරිපත් කර ‍නොමැති අතර, Xiaomi සමාගම ප්‍රකාශ කරන්නේ තම සමාගම චීන යුධ හමුදාවට අනුබද්ධිත, පාලනය වන හෝ හමුදාවට අයත් සමාගමක් නොවන බවයි.

එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ධූර කාලය තවත් දින 4කින් අවසන් වන අතර, මීළඟ ජනාධිපතිවරයා වන Joe Biden විසින් මෙම තීරණ නැවත වෙනස් කිරීමට ඉඩකඩ ඇති බව The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ defence.gov වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ CNN වෙබ් අඩවිය භාවිතා කළ හැක.