Google සමාගම ලබා දෙන Cloud software අතර Gogle Docs, Slides, Sheets and Forms වැනි software බෙහෝ දෙනා අතර ඉතා ජනප්‍රියත්වට පත්ව තිබෙනවා.

ඒ වගේම පසුගිය දවසක Google සමාගම විසින් ඔවුන්ගේම .new කියන අලුත් domain name එකකුත් හඳුන්වා දෙන්න කටයුතු කලා.

බොහෝ දෙනෙක් භාවිතා කරන නිසාම ඒ අයගේ පහසුව සදහා Google සමාගම .new domain එකත් සමග මෙම Software වලට පිවිසීමට පහසු හා ඉක්මන් ක්‍රමවේදයක් හදුන්වා දීමට කටයුතු තිබෙනවා.

Google doc වෙත පිවිසීමට බහුතරයක් දෙනා භාවිතා කරන ක්‍රමවේදය තමයි google.com/docs කියන URL එක Type කර ඒ වෙත පිවිසෙන එක. එසේත් නැත්නම් Google හ‍ෝ තමා භාවිතා කරන Search Engine එකක් හරහා search කර එම සේවාවට පිවිසෙන එක.

ඉතින් තව දුරටත් එසේ කාලය නාස්ති කිරීම අවශය න‍ොවන අතර මේ හදුන්වා දී ඇති නව පහසුකමට අනුම ඉතා සුලු වෙලාවක් තුළ Google Docs, Slides, Sheets and Forms යන Cloud software වලට පිවිසෙන්න ඔබට අවස්ථාව ලැබෙනවා.

මේ අලුත් ක්‍රමය අනුව ඔයාට අවශය Google Docs වලට පිවිසෙන්නම් ඒ සදහා කළ යුතු වන්න‍ේ doc.new ලෙස address-bar එකෙහි ටයිප් කර enter කිරීම පමණයි. ඒ හරහා එසැනින් Google Docs වෙත පිවිසෙන්න පුලුවන් වගේම අලුත් document එකක් විවෘත කිරීමටද ඔවුන් කටයුතු කරනවා.

ඒ වග‍ේම sheet.new, sheets.new, spreadsheet.new, site.new, sites.new, website.new, slide.new, slides.new, deck.new, presentation.new, form.new සහ forms.new යන URL භාවිතා කර Slides, Sheets and Forms යන ආදියට පිවිසෙන්න පුලුවන්.

කෙසේ නමුත් බෙහෝ දෙනෙක් බලාපොරොත්තු වූ පරිදි Email.new යන පහසුකම මේ හරහා ලැබී නොමැති අතර නුදුරු අනාගතයේදී මෙය වෙනස් ආකාරයකට ලැබෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.

ඉතින් මේ අලුත් පහසුකම හරහා බහුතරයක් දෙනාගේ කාලය ඉතුරුකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා techcrunch වෙබ් අඩවිය හා theverge වෙබ් අඩවිය භාවිතා කළ හැක.