Google සමාගමේ Pixel 6 ජංගම දුරකථනයේ revolutionary පෙනුමට අමතරව, foldable device එකක් ද හඳුන්වාදීමට සූදානමින් සිටීම මේ වන විට අන්තර්ජාලය පුරාවට කතාබහට ලක්වන මාතෘකාවක් වී තිබෙනවා.

මේ වන විට එයට තවත් දෙයක් එකතු කරමින් ඔවුන් විසින් අයැදුම් කළ පිටු 23කින් සමන්විත patent application එකක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

මෙම patent බළපත්‍රය ඉල්ලා සිටින්නේ under-display camera තාක්ෂණයක් සඳහා වන අතර, මෙය ප්‍රිස්මයක් හෝ කණ්නාඩියක් ආධාරයෙන් ක්‍රියාත්මක වන, බැලු බැල්මට ඉතාමත් සරළ, නමුත් ප්‍රායෝගික තාක්ෂණයක් බව දැකිය හැකි වෙනවා.

screen එකේ එක් පසක camera sensor එකත්, අනෙක් පස screen එක සඳහා වන ආලෝකය ලබාදෙන උපකරණයකුත් ඇති මෙහි මධ්‍යයේ ප්‍රිස්මයක් හෝ කණ්නාඩියක් සවි කර ඇති අතර, ඒ හරහා අවශ්‍යය වන විට කැමරාවට පිටතින් ආලෝකය ලබාගැනීමත්, අනෙක් අවස්ථා වලදී screen එක සඳහා වන ආලෝකය පිටතට පරාවර්ථනය කිරීමටත් කටයුතු කරනු ලබනවා.

මෙම patent application එක පසුගිය වසරේ සැප්තැම්බර් මස මැද භාගයේදී ඉදිරිපත් කර ඇති අතර පසුගිය මැයි 6 වැනි දින අන්තර්ජාලයට එකතු වී තිබෙනවා.

බොහෝ තාක්ෂණික සමාගම් මෙවැනි නව තාක්ෂණයන් සඳහා patent බළපත්‍ර ලබාගැනීමට කටයුතු කලත්, ඒවා ප්‍රායෝගිකව consumer device එකකට ලබාදීම සිදුවන්නේ ඉතාමත් කළාතුරකිනි.

එමෙන්ම  මෙම තාක්ෂණය ද Pixel ජංගම දුරකථන වලට අන්තර්ගත කිරීමට කටයුතු කලද, එය මීළඟට නිකුත් වීමට නියමිත Pixel 6 ජංගම දුරකථනයට අන්තර්ගත කරනු ඇති බව කිසිසේත්ම බළාපොරොත්තු විය නොහැකි කාරණයකි.

මෙය consumer device එකකට අන්තර්ගත කරන්නේ නම් බොහෝ විට එය Google සමාගමේ foldable device එකට හෝ, ලබන වසරේ නිකුත් කිරීමට නියමිත Pixel 7 ජංගම දුරකථනයට අන්තර්ගත කරනු ඇති බව අනුමාන කෙරෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Lets Go Digital වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.