WhatsApp group chat යනු මේ වන විට අපි බොහෝ දෙනෙක් නිතර භාවිතා කරන පසුකමක් වී තිබෙනවා. යම්කිසි event එකක් organize කිරීමට මෙන්ම news share කරගැනීමටත්, announcements ලබාදීමට වැනි බොහෝ ප්‍රයෝජනවත් කරටයුතු සඳහා මෙය නිතර යොදාගැනෙනවා.

කෙසේ නමුත් මෙම group chat සමහර විටක සාමාජිකයන් ගණන වැඩි වීමත් සමඟ ලැබෙන පණිවිඩ වල සීඝ්‍රතාවය වැඩිවීම නිසා මෙය නිතැතින්ම කරදරයක් බවට පත්වන අවස්ථා ද නැතුවා නොවේ.

නමුත් දැන් මේ ප්‍රශ්ණය සඳහා පිළිතුරක් ලබා දීමට WhatsApp සමාගම කටයුතු කර තිබෙනවා. මේ අළුත් පහසුකම සමඟින් group admin හට පමණක් එහි messages send කිරීමේ පහසුකම සීමා කළ හැකි අතර අනෙකුත් සාමාජිකයන් හට එම පණිවුඩ නැරඹිමට පමණක් අවස්ථාව ලැබෙනවා.

බොහෝ විට anouncements හෝ notifications සඳහා භාවිතා කරන WhatsApp group වලට වඩාත් ගැලපෙන පහසුකමක් වන අතර මෙය enable කරගැනීම සඳහා “Group Info,” වල tap කර Group Settings > Send Messages වල ඇති “Only Admins" කියන option එක තෝරා ගත යුතුයි.

whatsapp-send-messages-techie