iPhone Camera එක කියන්නේ Apple සමාගම ඔවුන්ගේ iPhone වල ‌බොහොම වැදගත් ‌කොට සළකන කොටසක්. iPhone version එකෙන් version එකට මෙහි වැඩිදියුණු කිරීම ප්‍රායෝගිකව දැකගන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ වගේම මේ වෙනකොට iPhone X එක මගින් Studio-Quality ඡායාරූප ලබාගන්න තරම් iPhone Camera එක දියුණු වී තිබෙන බව පරීක්ෂකයින් පිරිසක් පවසා සිටිනවා.

iPhone X එකට මේ වන විට Apple සමාගමේ flagsihp model එක වන අතර එය ද්විත්ව කැමරා පද්ධතියකින් මෙන්ම 12-megapixel, f/1.8 සහ f/2.4 වශයෙන් වූ lens දෙකකින් සමන්විත වන අතරම LED හතරකින් යුත් tone දෙකකට අදාල flash light එකකින්ද සමන්විත වෙනවා. එමෙන්ම මේ හරහා 2x දක්වා optical zoom කිරීමට හැකියාව ඇත.

ඉහත දක්වා ඇති වෙළඳ දැන්වීම වෙනුවෙන් ASA එහෙමත් නැතිනම් British advertising regulator Advertising Standards Authority එකට ලැබුණු චෝදනා කිහිපයකින් පසුව ඔවුන් විසින් මෙහෙයවන ලද පරීක්ෂණයන් වල ප්‍රතිඵලයක් ලෙස සත්‍ය වශයෙන්ම මෙය කිසිඳු වෙළදදැන්වීම්කරණයට අදාල නීතියක් උල්ලංඝනය නොකරන බවත් සැබැවින්ම iPhone X එක මගින් Studio-Quality Photos ලබා ගැනීමට හැකියාව ඇති බවත් සොයා ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා.

ඉතින් ඔයාටත් iPhone X එකක් තියනවා නම්, Studio එකක් නොමැතිව අඩු වියදමින් Studio-Quality Photos ගන්න මේ අනුව ඔයාට අවස්ථාව ලැබෙනවා. ඔයා ඡායාරූප ශිල්පියෙක් නම්, ඔයාගේ උපකරණ නොමැති අවස්ථාවන් වලදී ඒ වෙනුවට භාවිතා කරන්න iPhone X එක කදිම ආදේශකයක් බව මේ මගින් තහවුරු වෙනවා.