Google සමාගම විසින් ඔවුන්ගේ ඉතාමත් ජනප්‍රිය product එකක් වූ Chromecast Audio devices නිෂ්පාදනය කිරීම හා බෙදාහැරීම නිළ වශයෙන් නවතා දමා ඇති බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

මේ Chromecast Audio device එකක් හරහා audio stream කිරීමට අවස්ථාව ලැබෙන අතර මේ හරහා ඕනෑම වර්ගයේ speaker එකකට wireless ක්‍රමයට audio stream කිරීමේ පහසුකම ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

මේ අනුව Chromecast Audio එකට micro-usb port එක හරහා power එක ලබා දී එහි අන්තර්ගත වන 3.5mm audio line-out port එක ඕනෑම වර්ගයක speaker එකකට සම්බන්ධ කළ පසු, ඔබේ ජංගම දුරකථනය හෝ වෙනත් device එකකින් wireless ක්‍රමයට stream කරනු ලබන audio streams මේ හරහා ග්‍රහනය කරගෙන සම්බන්ධ කර ඇති speaker එක හරහා වාදනය කරවීමට මෙයට හැකියාව තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් Google සමාගම ප්‍රකාශ කර සිටින්නේ, මේ වන විට ඔවුන්ගේ අනෙකුත් devices මීට වඩා වැඩියෙන් වැඩිදියුණු වී තිබෙන බවත්, අවශ්‍යය කෙනෙකුට audio stream කිරීම සඳහා ඔවුන්ගේ අනෙකුත් products භාවිතා කළ හැකි බවත් වන අතර කෙසේ වුවත් දැනට Chromecast Audio devices මිලදීගත් පිරිස හට අවශ්‍යය සහාය තවදුරටත් ලබා දීමට ඔවුන් කටයුතු කරනු ලබන බවත් ය.

මෙම පුවත නිළ වශයෙන් නිකුත් කිරීමෙන් අනතුරුව නිළ Google Store එක හරහා මෙය ඩොලර් 15 ක මුදලකට ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Reddit වෙබ් අඩවිය භාවිතා කළ හැක.