WhatsApp සේවාව හරහා ගෙවීම් සිදු කිරීමේ විශේෂාංගයක් මේ වන විටත් ඉන්දියාව සහ බ්‍රසීයලය සඳහා ලබා දී තිබෙනවා. ඒ හරහා WhatsApp Messaging App එක ඔස්සේ පරිශීලකයන්ට ඉතාමත් පහසුවෙන් මුදල් ගනුදෙනු කිරීමෙ හැකියාව ලැබෙනවා. Meta සතු Digital Wallet (Digital මුදල් පසුමිබිය) වන Novi integration සමඟින් මෙම WhatsApp Payments පහසුකම බලගැන්වී තිබෙනවා.

Twitter සමාජ මාධ්‍ය හරහා ප්‍රථම වරට David Marcus විසින් මෙම විශේෂාංගය පිළිබඳව වාර්ථා කළ අතර, පසුව WABetaInfo මේ පිළිබඳව පුළුල් වාර්ථාවක් ගෙන ඒමට කටයුතු කරනු ලැබුවා.

UPI (Unified Payments Interface) මත ඉන්දියානු රුපියල් හරහා මින් පෙර ගණුදෙනු සිදු කළ ආකාරය මෙන් නොව, Novi Integration එක සමඟින් ඇමරිකානු පරිශීලකයන් හට පැක්ස් ඩොලරය (USPD - Cryptocurrency) හරහා ගනුදෙනු කිරීමේ හැකියාව මෙම WhatsApp Payments පහසුකම හරහා ලැබී තිබෙනවා.

කිසිඳු අමතර මුදලක් වැය නොකර මේ හරහා මුදල් ගනුදෙනු කිරීමේ හැකියාව ලැබෙන අතර බැංකු ගිණුම් හරහා මුදල් ගනුදෙනු කළ හැකි වාර සීමාවක්ද නොමැත. ඔබ ඇමරිකාවේ සිටින WhatsApp Beta පරිශීලකයෙක් නම් මෙම WhatsApp Payments සේවාව ඔබේ WhatsApp ගිණුම සඳහාද Setup කර ගැනීමේ හැකියාව දැනටමත් පවතිනවා. ඒ පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා WhatsApp Payments වෙබ් පිටුව භාවිතා කළ හැක.

WhatsApp
WhatsApp Messenger:全球有超过 20 亿人在遍布 180 多个国家使用 WhatsApp 与家人和朋友保持联系。WhatsApp 是一个免费、简单、安全以及可靠的通信应用程序,能在世界各地的手机上使用。
WhatsApp Payments US Web Page

මෙම විශේෂාංගය WhatsApp Beta පරීශීලකයන් හට Android 2.21.17 Beta සංස්කරණය හරහා ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, ඉතාමත් ඉක්මණින් IOS පරිශීලකයින් සඳහාද මෙම විශේෂාංගය අඩංගු Beta සංස්කරණයක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව WhatsApp ආයතනය වැඩි දුරටත් පවසා තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා WABetaInfo වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.