Facebook සමාගම විසින් Facebook profile සඳහා නව professional mode එකක් ඊයේ දින නිකුත් කරන ලද අතර එමඟින් සුදුසුකම් ලත් නිර්මාණකරුවන්ට වෙනම Facebook page එකක් සෑදීමේ අවශ්‍යතාවයකින් තොරව මුදල් ඉපයීමට ඉඩ සලසයි.

Facebook සමාගමෙහි මව් සමාගම වන Meta ආයතනය මඟින් creators ලා සඳහා ඩොලර් බිලියනයක ආයොජනයක්ද සිදුකර ඇති බවට Mark Zuckerberg විසින් Facebook හි සටහනක් තබා ප්‍රකාශයට පත්කර තිබුණා.

Facebook Profile සඳහා ලැබෙන මෙම Professional mode එකෙහි ඇති වෙනස්කම් කිහිපයක් පහත දක්වා ඇත.

මෙතෙක් Facebook page වලින් පමණක් සිදුකිරීමට හැකිවුනු මුදල් ඉපයිමේ හැකියාව සහ insights බැලීමේ හැකියාව Facebook සමාගම විසින් මෙම නව Professional mode එකට එක්කර තිබෙනව බවට ප්‍රකාශයට පත්කරලා තියෙනවා.

Facebook සමාගම පවසන පරිදි බොහෝ නිර්මාණ කරුවන් ඔවුන්ගේ profile හරහා ඔවුන්ගේ නිර්මාණ එළිදක්වන බව ඔවුන් විසින් මේ වන විට අවබෝධකරගෙන සිටිනවා, මේ නිසා මෙම Professional mode එක මේ වන විටත් එක්සත් ජනපදයේ වාසයකරන්න් හට නිකුත් කර ඇති බව ඔවුන් විසින් වාර්ථා කර තිබෙනවා.

Professional mode සමඟින්, සුදුසුකම්ලත් නිර්මාණකරුවන්ට මුදල් ඉපයිමේ අවස්ථා ලබාදීමට සහ ඔවුන්ගේ ප්‍රේක්ෂකයින් වර්ධනය කර ගැනීමට උපකාර වන tools වෙත ප්‍රවේශය ලබා ගැනීමට හැකි වනු ඇත.

Facebook profile සඳහා Professional Mode එක සමඟින් ලබා ගත හැකි මුදල් ඉපැයීමේ විකල්පයන්ගෙන් එකක් වනුයේ Reels Play bonus program වන අතර සුදුසුකම් ලත් නිර්මාපකයින්ට ඔවුන්ගේ සුදුසුකම් ලබන reels වල views මත මසකට ඩොළර් 35,000ක් දක්වා මුදල් ඉපැයීමට ඉඩ සලසයි.

ඔබ ඔබේ profile එක සඳහා Professional Mode ක්‍රියාත්මක කළ පසු, ඕනෑම කෙනෙකුට ඔබව follow කළ හැකි අතර ඔබේ content ඔවුන්ගේ feed දැකිය හැකිය, නමුත් ඔබ බෙදා ගන්නා content බලන්නේ කවුරුන්ද යන්න තිරණය කිරීමට ඔබට හැකියාවක් ඇත. එයින් අදහස් වන්නේ ඔබට public update බෙදා ගැනීමට හෝ ඔබේ මිතුරන් සමඟ පමණක් content බෙදා ගැනීම ඔබ සිතැඟි පරිදි සිදු කිරීමට Facebook මඟින් අවස්ථාව සැලසෙන බවයි.

මෙම නව Professional Mode එක ඊයේ සිට එක්සත් ජනපදයේ සීමිත profile සංඛ්‍යාවක් සමඟ පරීක්‍ෂා කරමින් පවතින අතර feedback මත ඉදිරීයේදි අවශ්‍ය වෙනස් කරම් සිදුකරන බවට ප්‍රකාශ කර තිබෙනවා.

Meta සමාගම ඉක්මනින්ම එක්සත් ජනපදයේ තවත් පුද්ගලයින් වෙතද, ඉදිරි මාසවලදී තවත් රටවල් වෙත ව්‍යාප්ත කර වැඩි මුදල් ඉපැයීමේ විකල්ප සහ වෙනත් platform tools වෙත ප්‍රවේශය ඇතුළුව කාලයත් සමඟ තවත් tools රැසක් එක් කරන බවට සඳහන් කර තිබෙනවා

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Meta Creators වෙබ් අඩවිය සහ Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.