බොහෝ වෙලාවට අපි Laptop පරිගණකයක් හෝ සාමාන්‍යය Desktop පරිගණකයක් මිලදීගැනීමේදී සැළකිලිමත් වන දේවල් වලින් එහි තිබෙන Processor එක, එහෙමත් නැතිනම් CPU එකට ප්‍රධාන ස්ථානයක් හිමි වෙනවා.

ඉතින් මේ CPU එකක් තෝරාගැනීමේදී ප්‍රධාන වශයෙන්ම වැඩි දෙනෙකුගේ තේරීම වෙන්නේ Intel Processor එකක් වන නමුත් තමන් මිලදීගැනීමට සූදානම් වන processor එක හරියටම තමන් කරන්න යන වැඩත් එක්ක ගැලපෙනවාද නැද්ද යන්න තේරුම් ගැනීමට නම්, processor model එකේ අගින් තිබෙන අකුරු පිළිබඳව සැළකිලිමත් වෙන්න අපිට සිදු වෙනවා.

මේ model number එකේ අග තිබෙන අකුරු අහඹු ලෙස එයට එකතු කරනු ලැබූ අකුරු නොවන අතර මේ අකුරු වලින් අදාල processor එක ගැන තොරතුරු රැසක් නිරූපණය කිරීමට Intel සමාගම කටයුතු කරනවා.

Intel Core i3, i5 සහ i7 වැනි මාදිලි වලින් වටිනාකමින් වැඩි ඉලක්කම හිමි මාදිලිය වැඩියෙන් powerful කියලා හිතාගෙන හිටියත්, model number එකේ අවසානයට තිබෙන අකුර අනුව එය බොහෝ වෙලාවට වෙනස් වෙනවා.


Suffix K

ඔයා තෝරගන්න CPU එකේ model number එකේ අගට K අකුර ඇතුලත් වෙලා තිබෙනවා නම්, එහි තේරුම මේ processor එක Unlocked, එහෙමත් නැතිනම් over-clock කිරීම සඳහා හැකියාව ලබා දී තිබෙන බවයි. අනෙකුත් processor ද over-clock කිරීමේ හැකියාව තිබෙන නමුත්, ඒවා overclock කළ හැකි ප්‍රමාණය ඉතාමත් සීමා සහිත වන නමුත් මෙම processor එක එවැනි සීමාවන්ගෙන් තොර වෙනවා.

Suffix H & Q

මේ H කියන අකුර ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ Q කියන අකුරත් එක්කමයි. ඒත් H කියන්නේ High Performance Graphic තිබෙන බව වගේම මේ වෙනුවෙන් power එක භාවිතා කරන ප්‍රමාණය වැඩි වෙනවා.

ඒ වගේම Q කියන අකුරින් අදහස් වෙන්නේ Quad Core කියන අදහසයි. ඒ වගේම මේ වර්ගයේ processors ටිකක් මිලෙන් වැඩියි. (ඔයා මේ Q suffix එක තිබෙන i7 processor එකක් මිලදී ගන්නවා නම්, එහි අන්තර්ගත වෙන්නේ CPU cores 4ක් පමණක් බව දැකගතහැකි වේවි.)

මීට අමතරව Intel සමාගම විසින් M අකුර භාවිතා කර තිබෙන්නේ ඔවුන්ගේ Mobile processors හැඳින්වීමට වන අතර සමහර අවස්ථා වලදී Intel i7-4700MQ වැනි මාදිලි වලදී M අකුරින් Mobile යන්නත්, Q අකුරින් Quad Core යන්නත් නිරූපණය වෙනවා.

Suffix U & Y

මේ U අකුරින් අදහස් වන්නේ Ultra Low Power වන අතර Y අකුරින් නිරූපණය වන්නේ Extremely Low Power කියන අදහසයි (Y වෙනුවට E යොදාගෙන නැති හේතුව ගැන සිතනවා නම්, E යොදාගෙන තිබෙන්නේ ECC Memory සඳහා සහාය දක්වන CPU නිරූපණය කිරීමටයි).

මේ U සහ Y අකුරු සහිත CPU මාදිලි වැඩි වශයෙන්ම performance වලට වඩා, battery saving ගැන focus කරමින් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා. ඉතින් මේ processors අඩංගු devices වල performance අඩු වුණත්, battery එක බහින්නේ ඉතාමත් අඩුවෙනුයි.

Suffix T

මේ T කියන suffix එක සහිත CPU මාදිලි පැරණි LGA socket වලට ගැලපෙන ලෙස නිර්මාණය කර ඇති අතර මේවා සාමාන්‍යය desktop CPU වලට වඩා අඩු විදුලි බලයක් භාවිතා කරන ලෙස සකස් කර තිබෙනවා.

මේ ආකාරයේ CPU බොහෝ වෙලාවට  All In One PC වැනි devices වල දැකගැනීමේ හැකියාව ලැබෙනවා.

Suffix P

P කියන suffix එක අන්තර්ගත වන CPU මාදිලි වල Integrated graphics, එහෙමත් නැතිනම් on-board graphics කියන නමින් සාමාන්‍යයෙන් හඳුන්වන පහසුකම අන්තර්ගත වන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි මොන processor එක ගත්තත්, GPU එකක් වෙනම සවි කරනවා නම් Integrated graphics වලින් වැඩක් නෑ වගේම මේ හරහා ඊට අදාල මුදල ඉතිරි කරගැනීමටත් අපට අවස්ථාව ලැබෙනවා.

ඒ වගේම අගට G suffix එක එකතු වෙනවා නම්, මේ processor එකත් සමඟ AMD Radeon graphic chip එකක් එයට අන්තර්ගත වෙනවා.

Suffix XE

Intel සමාගම විසින් සාමාන්‍යය පරිගණක සඳහා මෙතෙක් නිෂ්පාදනය කෙරුණු, හොඳම processor මාදිලි වල දකින්නට ලැබෙන මේ X suffix එක මගින් නිරූපණය වන්නේ අදාල CPU එක Extreme Edition එකක් බවයි. (මෙහි අන්තර්ගත වන E අකුරින් ECC Memory එක ගැන අදහසක් නිරූපණය නොවේ.)


ඉතින් ඔයා පරිගණකයක් මිලදීගැනීමට සූදානම් වෙනවා නම් හෝ තමන්ගේ පරිගණකයේ ඇතුලත් වන CPU එක වඩාත්ම සුදුසු වන්නේ මොන වගේ tasks සිදු කරගැනීමට ද යන්න අවබෝධ කරගැනීමට අවශ්‍යය නම්, අනිවාර්යයෙන්ම මේ model number එක අවසානයේ ඇති අකුරු ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා.

ඒ වගේම ark.intel.com එකට ගිහින් එකේ තිබෙන Search පහසුකම භාවිතා කර, තමන් මිලදීගැනීමට සූදානම් වන CPU එකේ තිබෙන Cores ගණන, Threads ගණන, Cache Memory එක වගේම මේ Processor එකට අදාලව Turbo Boost වැනි පහසුකම් තිබෙනවාද යන්න ගැන පරීක්ෂා කිරීමට අමතක කරන්න එපා.

සමහර විට මේ CPU වල තිබෙන තවත් රහස් ගැන මීට වඩා දේවල් ඔයා දන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්නත් අමතක කරන්න එපා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Intel වෙබ් අඩවිය හා Techquickie YouTube Channel එක භාවිතා කළ හැක.