අද දින පැයකට අධික කාලයක් තිස්සේ Amazon, Reddit, Stackoverflow, GitHub, PayPal, Spotify ඇතුළු ලොව ප්‍රසිද්ධතම වෙබ් අඩවි ගණනාවක් අකර්මන්‍යය වී ඇති බව ලොව පුරා අන්තර්ජාල පරිශීලකයින් විසින් වාර්තා කරනු ලැබුවා.

විශේෂයෙන්ම BBC, CNN, New York Times, The Verge වැනි news වෙබ් අඩවි බොහෝමයක් ද මෙලෙස down වී තිබුණු අතර මීට හේතුව වී තිබුණේ ප්‍රසිද්ධ edge CDN එකක් වන Fastly සමාගමේ සිදුවූ සේවා බිඳවැටීමක් බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

මේ වන විට එම සමාගම විසින් අදාල ගැටළුව නිරාකරණය කර තම ස‍ේවාවන් යථා තත්ත්වයට පත් කරමින් සිටින අතර, දැනටමත් සියළුම වෙබ් අඩවි පාහේ යථා තත්ත්වයට පත්ව ඇති බව දැකගත හැකි වෙනවා.

Global CDN Disruption
Fastly’s Status Page - Global CDN Disruption.

මෙම Public වෙබ් අඩවි වලට අමතරව එකසත් රාජධානියේ රාජ්‍යය වෙබ් අඩවිය මෙන්ම passport renew කිරීමේ පද්ධතිය, tax allowances සඳහා apply කිරීමේ තොරතුරු පද්ධතිය, driving license නිකුත් කිරීමේ තොරතුරු පද්ධතිය ඇතුළ පද්ධති රැසක් ද මෙම කාලය තුලදී අකර්මන්‍යය වී තිබුණු බව වාර්තා වෙනවා.

පසුගිය වසරේ ජුලි මාසයේදී ද මෙවැනිම edge CDN එකක් වූ Cloudflare සේවාවේ ඇති වූ ගැටළුවක් නිසාවෙන් මේ ආකාරයෙන්ම වෙබ් අඩවි දැවැන්ත ප්‍රමාණයක් අකර්මන්‍යය වූ බව මතක ඇති.

Cloudflare සේවාවේ බිඳවැටීමක් නිසාවෙන් Discord ඇතුළු වෙබ් අඩවි මිලියන ගණනක් අකර්මන්‍යය වෙයි
මීට සුළු වේලාවකට ප්‍රථමව Cloudflare සේවාවේ[https://en.wikipedia.org/wiki/Cloudflare] සිදු වූ බිඳවැටීමක් හේතුවෙන් මේ වන විටලොව පුරා වෙබ් අඩවි මිලියන ගණනක් අකර්මන්‍යය වී ඇති බව මේ වන විට වාර්ථා වෙනවා. Cloudflare යනු මූලිකව Content Delivery Network (CDN) සේවාවක්[https://en.wikipedia.org/wiki/Content_delivery_network…

මෙහිදී අපි CDN එකක්, එහෙමත් නැතිනම් Content Delivery Network එකක් යනු කුමක් ද යන්න කෙටියෙන් පැහැදිළි කළ අතර, මේ දක්වා වාර්තා වන තොරතුරු අනුව මෙම සිදුවීම ද මීට සමාන ආකාරයකින් සිදුවී තිබෙනවා.

කෙසේ නමුත් Fastly සේවාව බිඳවැටීමට හේතු වූ මූලික සිදුවීම පිළිබඳව නිළ වශයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට තවමත් Fastly ආයතනය කටයුතු කර නොමැති අතර, ඒ පිළිබදව තොරතුරු ලද සැනින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අපි බළාපොරොත්තු වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ fastly status වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.