මේ වන විට නයිජීරියාව තුල Twitter සේවාව දින නියමයක් නොමැතිව සම්පූර්ණයෙන්ම තහනම් කර දැමීමට එරට රජය කටයුතු කර තිබෙනවා.
මෙයට හේතුව වී තිබෙන්නේ නයිජීරියාවේ ජනාධිපතිවරයා වන Muhammadu Buhari විසින් පළ කරනු ලැබූ tweet එකක්, Twitter සේවාවේ abusive behavior policy එක උල්ලංඝනය වීම නිසා ඉවත් කිරීමට කටයුතු කර තිබීම බව වාර්තා වෙනවා.
මෙලෙම Twitter සේවාව තම රට පුරා තහනම් කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව, VPN වැනි නොයෙකුත් ක්‍රම හරහා Twitter භාවිතා කිරීමට පෙළඹෙන පුද්ගලයින් සොයා ඔවුන් හට දඬුවම් ලබාදීම වෙනුවෙන් කඩිනම් පියවර ගන්නා බව ද එරට නීතිපති සහ අධිකරණ අමාත්‍යංශය ප්‍රකාශ කර සිටිනවා.
The Federal Government has suspended, indefinitely, the operations of the microblogging and social networking service, Twitter, in Nigeria.
— Fed Min of Info & Cu (@FMICNigeria) June 4, 2021
ජනාධිපති Buhari ගේ මකාදැමූ tweet එකෙහි එරට සිටින බෙදුම්වාදීන්ට දඬුවම් කරනු ලබන බව සඳහන් වී ඇති අතර, එරට පැවති Biafra යුද්ධයෙන් මිලියනයකට අධික පිරිසක් මිය ගිය බවත්, එම යුධ සමයේ Buhari, major general කෙනෙකු ලෙස සේවය කළ බවත් The Verge අඩවිය සඳහන් කරනවා.
We are deeply concerned by the blocking of Twitter in Nigeria. Access to the free and #OpenInternet is an essential human right in modern society.
— Twitter Public Policy (@Policy) June 5, 2021
We will work to restore access for all those in Nigeria who rely on Twitter to communicate and connect with the world. #KeepitOn
මේ පිළිබඳව අදහස් දක්වමින් Twitter ආයතනය ප්‍රකාශ කර සිටින්නේ නිදහස් හා විවෘත ලෙස internet වලට පිවිසීම නූතන සමාජයේ අත්‍යාවශ්‍යය මානව අයිතිවාසිකමක් වන බවත්, මෙලෙස නයිජීරියාව තුළ Twitter අවහිර කිරීම පිළිබඳව ඔවුන් දැඩි කනස්සල්ලට පත් වන බවත් ය.
කොහොම නමුත් මේ වන විට රට තුලින්ම මෙම තීරණයට විරෝධය පළ කරමින් රාජ්‍යය නොවන සංවිධාන සහ අනෙකුත් ආයතන විසින් ප්‍රකාශ කර සිටින්නේ මේ හරහා නයිජීරියානු ජනතාවගේ අවශ්‍යයතාවයන් රජයට වැදගත් නොවන බවත්, රජය කටයුතු කරන්නේ රජයේ අවශ්‍යයතාවයන් උදෙසා පමණක් වන බවට මෙය කදිම නිදසුනක් වන බවත් ය.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ CNN වෙබ් අඩවිය භාවිතා කළ හැක.