මේ වන විට YouTube සමාගම විසින් සිය සේවාවන් වලට අදාල terms & conditions update කිරීමට කටයුතු කර ඇති අතර මේ හරහා monetize කර නැති content මත Ads පෙන්වීමට Google සමාගමට හැකියාව ලැබෙනවා.

මේ වන විට නිළ YouTube Blog අඩවියේ සඳහන් කර ඇති පරිදි YouTube Partner Program (YPP) එක සමඟින් සම්බන්ධ වී නොමැති අය විසින් upload කරන ලද වීඩියෝ වල Ads පෙන්වීම අත්හදාබලන බව Google සමාගම විසින් තහවුරු කර තිබෙනවා.

වෙනත් වචන වලින් කිවහොත්, ඔබ ඔබේ YouTube content මඟින් මුදල් උපයන්නේ නැත්නම්, ඔ‍බේ YouTube Video මත පෙන්වනු ලබන Ads වල මුදල් Google සමාගම සතුවන අතර මෙමඟින් ඔබට කිසිඳු මුදලක් නොලැබේ.

ඔබ YouTube වෙත එකතු කරනු ලබන videos වලින් මුදල් ඉපයීමක් සිදු නොකරන්නේ නම්, ඒ මත ads පෙන්වා  මුදල් ඉපැයීමට Google සමාගම කටයුතු කරනු ඇති අතර, සාමාන්‍යයෙන් එම මුදල් වලින් කොටසක් අදාල content creator වෙත ලැබෙන නමුත්, මෙහිදී එම සම්පූර්ණ මුදලම Google සමාගම සතු වෙනවා.

Google සමාගම මඟින් මෙය සිදු කරන්නේ brand-safe videos වලට පමණක් බව ප්‍රකාශ කර සිටින අතර පරීශිලකයන්ට මෙය ඉවත් කරගත හැකි එකම ක්‍රමය වනුයේ YouTube Partner Program එක සමඟින් එකතු වීමෙනුයි.

Updates to YouTube’s Terms of Service
These new terms will be effective in countries outside of the United States in mid-year 2021.

කෙසේ වෙතත්, YouTube Partner Program සම්බන්ධ විම සඳහා අවශ්‍ය අවම සුදුසුකම් වන පසුගිය මාස 12ක් ඇතුලත 1,000 subscribers ප්‍රමාණයක් ලබාගැනීම සහ 4,000 watch hours ලබාගැනීම යන නිර්ණායක නොවෙනස්ව පවතින බවත්, content creator වරුන් මේ සඳහා සුදුසුකම් ලැබුවහොත් එම video මත play වන ads වල වටිනාකම සාමන්‍ය පරිදි ම අදාල content creator ට ගෙවන බවත් සඳහන් කර තිබෙනවා.

මෙම නව නියමයන් 2021 වර්ෂයේ මැද භාගයේදී එක්සත් ජනපදයෙන් පිටත රටවල ක්‍රියාත්මක වනු ඇති බවට YouTube නිළ Blog අඩවිය ප්‍රකාශ කර තිබෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා YouTube නිළ Blog අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.