WhatsApp සේවාව සඳහා පසුගිය කාලය පුරාවටම Disappearing messages, Mute Always, Storage Management Tool ඇතුළු නව විශේෂාංග රාශියක් ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කළ අතර ඒ පිළිබඳව අප ඔබව මීට පෙර ලිපි කිහිපයක් මගින්ම දැනුවත් කළා මතක ඇති.

මෙලෙස WhatsApp සේවාව වෙත එකතු වන තවත් විශේෂාංගයක් පිළිබඳව WABetaInfo වෙබ් අඩවිය විසින් තොරතුරු වාර්තා කරනු ලබන අතර ඔවුන් පෙන්වාදෙන ආකාරයට, ඒ හරහා ඔබ video එකක් status share කරගන්නා විට හෝ contact එකක් සමඟ share කරගන්නා විට එම video එක mute කිරීමට හැකියාව ලැබෙනවා.

මෙම විශේෂාංගය තවමත් සංවර්ධනය වෙමින් පවතින විශේෂාංගයක් වන අතර එය WhatsApp beta පරිශීලකයන් සඳහාද තවමත් ලබාගැනීමට නොහැකි බව වාර්තා වෙනවා.

එමෙන්ම, WhatsApp සේවාව වෙත තවත් වෙනස්කමක් එක් වීමට නියමිතව ඇති බවට වාර්තා වන අතර එමගින් මෙතෙක් පැවති Archived Chats විශේෂාංගය Read Later නමින් වෙනස් කරමින් එයට නව විශේෂාංගයන් කිහිපයක්ද එක් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.

ඔබ යම් chat එකක් Read Later විශේෂාංගය වෙත add කරගත් පසුව, එම chat එකෙන් නැවත notification ලැබෙන්නේ නොමැති බවද ඉහත screenshot එක මඟින් දැකගන්න පුළුවන්.

එමෙන්ම, මෙම Read Later විශේෂාංගය යටතේ edit menu එකක්ද දැකගැනීමට හැකියාව ඇති අතර එමඟින් පරිශීලකයන් හට විවිධ chats තෝරා ගැනීමටත්, ඒවා එකවර archive එකෙන් ඉවත් කිරීමට මෙන්ම, තවත් options කිහිපයක්ද දැකගැනීමට හැකියාව තිබෙන බව වාර්තා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GizmoChina වෙබ් අඩවිය සහ WABetaInfo වෙබ් අඩවිය (1), (2) භාවිතා කළ හැක.