WhatsApp සඳහා Mute Always යනුවෙන් නව option එකක් හඳුන්වාදීමට WhatsApp සමාගම කටයුතු කරමින් සිටින බව මින් පෙර අප ඔබව දැනුවත් කළා මතක ඇති.

WhatsApp සඳහා Mute Always option එකක් ඇතුළුව නව විශේෂාංග කිහිපයක් හඳුන්වාදීමට කටයුතු කරන ලකුණු
WhatsApp පරිශීලකයින් හට යම්කිසි chat එකක් සම්පූර්ණයෙන්ම mute කිරීමේ හැකියාව මේදක්වා නොතිබූ අතර උපරිමය වසරක කාළසීමාවක් සඳහා පමණක් mute කිරීමේ හැකියාව ලබාදීමටWhatsApp ආයතනය කටයුතු කර තිබිණි. කොහොම නමුත් මේ වන විට Mute Always නම් වූ අලුත් පහසුකමක් WhatsApp වෙත හඳුන්වාදීමටWhatsApp ආයතනය සූදානමින් සි…

මේ වන විට මෙම Mute Always option එක WhatsApp stable version එක භාවිතා කරන පරිශීලකයන් සඳහා ලබාදීමට WhatsApp සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම update එක ලබාදීමට පෙර, Mute settings හරහා chats mute කිරීමට හැකියාව ලබා දී තිබුණේ පැය 8 ක්, සතියක් හෝ අවුරුදු 1 ක් දක්වා කාලයක් පමණක් වන අතර දැන් ඔබට අවුරුදු 1ක option එක වෙනුවට 'Always' ලෙස option එකක් දැකගැනීමට හැකියාව තිබෙනවා.

එමඟින් ඔබට යම් chat එකක් සදාකාලිකව mute කිරීමට හැකියාව ලබා දී ඇති අතර ඔබට එම chats සඳහා notifications පෙන්විය යුතුද නැද්ද යන්න තෝරා ගැනීමට WhatsApp සමාගම තවමත් අවස්ථාව ලබා දී තිබෙනවා.

මෙම විශේෂාංගය මේ වනවිට iOS සහ Android උපාංගවලට මෙන්ම WhatsApp web සඳහාද ලබාදෙමින් පවතින බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GizmoChina වෙබ් අඩවිය සහ Times Now News වෙබ් අඩවිය භාවිතා කළ හැක.