OnePlus සමාගම ඔවුන්ගේ Android 11 developer preview එක නිකුත් කළ විගසම, පැරණි OnePlus devices සඳහා එහි stock apps වල redesign කළ versions එළිදැක්වීම ආරම්භ කළා.

පසුගිය සති කිහිපය තුළ OnePlus සමාගම විසින් OnePlus Weather, OnePlus Notes සහ OnePlus Gallery යන apps සඳහා නව updates නිකුත් කර ඇති අතර මේ සියල්ලම OxygenOS 11 හි ඇති app design එකට සමාන වෙනවා.

මේ වනවිට, OnePlus සමාගම විසින් Play Store හරහා OnePlus Game Space v2.5.0 එක එළිදැක්වීමට කටයුතු කරමින් සිටින අතර එය OxygenOS 11 හි UI එකට අනුකූල වන සේම OnePlus Weather app එකෙහි මෙන්, දැන් එහි ඉහළ හිස් අවකාශයක් දැකිය හැකිය.

මෙම UI එක මඟින් පරීශිලකයන් හට දැන් තනි අතකින් වුවද app එක පහසුවෙන් භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.

වමේ සිට පිළිවෙලින් නව installed games list එක, Quick access settings, Fnatic mode settings සහ නව Settings UI එක දැකගැනීමට හැකියාව තිබෙනවා.

ඉහත සඳහන් කළ පරිදි, මෙම update එක Play Store හරහා OnePlus Game Space app එක භාවිතා කරන පරිශීලකයන් සඳහා ලබාගැනීමට හැකියාව පවතින නමුත් XDA-Developers වෙබ් අඩවිය විසින් පවසන පරිදි, මෙම පහසුකම Game Space beta channel එකට පමණක් සිමා වී ඇත්දැයි යන්න නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි වෙනවා.

කෙසේ වෙතත්, ඔබට පහත ඇති Play Store link එක හරහා ගොස් OnePlus Game Space එක download කර පරීක්ෂා කිරීමට හැකියාව තිබෙනවා.

OnePlus Game Space - Apps on Google Play
Store and access all your games from Game Space with gaming optimization options. Games in Game Space will be automatically launched in Gaming Mode for an immersive gaming experience.
මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ GizmoChina වෙබ් අඩවිය භාවිතා කළ හැක.