පසුගිය ජුලි මාසයේදී Ubisoft ආයතනය විසින් ඔවුන්ගේ Watch Dogs 2 game එක නොමිලයේ ලබාදීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Watch Dogs 2 game එක නොමිලයේ ලබාදීමට Ubisoft ආයතනය කටයුතු කරයි
පසුගිය ජුලි 12 වැනි දින Ubisoft ආයතනය විසින් ඔවුන්ගේ Ubisoft Forward event එකනැරඹීමට පැමිණෙන සියළුදෙනා හට Watch Dogs 2 game එක නොමිලයේ ලබාදීමට සූදානමින්සිටින බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති. Ubisoft Forward event එක අතරතුරදී Watch Dogs 2 නොමිලේ ලබාගැනීමට අවස්ථාවක්Ubisoft සමාගම විසින් ලබාදෙයිCOVID…

ඔන්න දැන් ආයෙත් වතාවක් ඉතාමත් ප්‍රසිද්ධියට පත් වුණු තවත් game එකක් ‍නොමිලයේ ලබාදීමට Ubisoft සමාගම කටයුතු කර ඇති අතර, මෙය 2016 වර්ෂයේදී නිකුත් කිරීමට කටයුතු කළ Tom Clancy's The Division game එකයි.

ඔවුන්ගේ නිළ Twitter ගිණුම හරහා Tweet පණිවිඩයක් නිකුත් කරමින් මේ සඳහා link එකක් ලබාදීමට කටයුතු කර ඇති අතර සැප්තැම්බර් මස පළමුවැනිදා දහවල් 12:30 සිට සැප්තැම්බර් 8 වැනි දින පස්වරු 1:30 දක්වා මෙය තමන්ගේ UPlay ගිණුමට නොමිලයේ එකතු කරගත හැකි බවත්, ඉන් පසුව ඕනෑම අවස්ථාවක එය play කිරීමේ හැකියාව ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙම game එක මූලිකව PlayStation 4, Xbox One, PC සඳහා නිකුත් කිරීමට කටයුතු කලත්, මෙහිදී නොමිලයේ ලබාදනු ලබන්නේ මෙහි PC version එක පමණක් වෙනවා.

මෙය ඔබගේ UPlay ගිණුමට එකතු කරගැනීම සඳහා මේ Link එක භාවිතා කර ඔවුන්ගේ Giveaway page එකට යා යුතු වන අතර, එහිදී ඔබගේ UPlay username එක සහ password එක ඇතුලත් කර මෙය ලබාගත හැකි වෙනවා.

ඔබට දැනටමත් UPlay ගිණුමක් නැති නම්, එයද මේ හරහා නොමිලයේ නිර්මාණය කරගත හැකි අතර මෙය play කිරීමට නම් 30GB පමණ වන මේ game එක UPlay Launcher එක හරහා download කරගත යුතු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Ubisoft Twitter ගිණුම සහ PCMag වෙබ් අඩවිය භාවිතා කළ හැක.