Twitter ගිණුමක් ආරම්භ කිරීමෙන් අනතුරුව ඇතැම් විට එය භාවිතා කිරීම අතහැර දැමීමට බොහෝ දෙනා කටයුතු කරන අතර මේ ආකාරයෙන් ගිනුම් නිර්මාණය කිරීමේදී භාවිතා කරනු ලබන username වෙනත් කෙනෙකුට ද භාවිතා කළ නොහැකි ආකාරයට reserve වෙන බව අපි කවුරුත් දන්නා කාරණයක් වෙනවා

කොහොම වුණත් මේ වන විට මෙවැනි inactive Twitter accounts සියල්ල ඉවත් කර, අදාල usernames නැවතත් වෙනත් පුද්ගලයන් හට ලබාගත හැකි ලෙස ඉදිරිපත් කිරීමට Twitter සමාගම තීරණය කර තිබෙනවා.

Hello,

To continue using Twitter, you’ll need to agree to the current Terms, Privacy Policy, and Cookie Use. This not only lets you make the best decisions about the information that you share with us, it also allows you to keep using your Twitter account. But first, you need to log in and follow the on-screen prompts before Dec. 11, 2019, otherwise your account will be removed from Twitter.

මේ අනුව ගතවූ මාස 6 ඇතුලත login නොවූ සෑම Twitter ගිණුම් හිමියෙකු හටම email පණිවිඩයක් මගින් මේ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර දෙසැම්බර් මස 11 වැනි දිනට ප්‍රථමව අදාල ගිණුමට login වී ඔවුන් ඉල්ලා සිටින පියවර අනුගමනය නොකළහොත්, අදාල ගිණුම අවලංගු කර දැමීමට මොවුන් කටයුතු කරනු ලබනවා.

Inactive account policy
Read about Twitter’s inactive account policy.

කොහොම නමුත් මේ අවලංගු කිරීමේ ක්‍රියාවලිය සඳහා මාස කිහිපයක් ගතවිය හැකි වන නිසාවෙන් අදාල usernames දෙසැම්බර් 12 වැනි දින සිට අනෙකුත් පරිශීලකයන් හට ලබාගැනීමට නොහැකි වනු ඇති නමුත්, ඉදිරි මාස කිහිපය ඇතුලත ක්‍රමයෙන් ඒවා ලබාදීමට කටයුතු කරනු ලබන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

ඔබගේ Twitter ගිණුමට පසුගිය මාස 6 ඇතුලත login වී නොමැති නම්, ඔබට තවදුරටත් අදාල username එක අවශ්‍යය නම්, දැන්ම එයට login වී ඔවුන් ඉල්ලා සිටින කටයුතු සිදු කිරීම හරහා තවදුරටත් එම ගිණුම රැකගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Twitter වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.