Apple Siri, Google Assistant යන assistant සේවාවන් තරමට ජනප්‍රිය නොවුනත් Samsung සමාගම සතු Bixby Voice Assistant සේවාව ද සැලකියයුතු පරිශීලකයන් ප්‍රමාණයක් විසින් භාවිතයට ගනු ලබන සේවාවකි.

කෙසේ වෙතත් මෙම සේවාව 2020 වර්ෂයේ ජනවාරි පළමුවැනිදා සිට, Android 9 එනම් Android Pie මෙහෙයුම් පද්ධතියට වඩා පැරණි මෙහෙයුම් පද්ධති වලට සහය දැක්වීම නතර කිරීමට Samsung සමාගම තීරණය කොට ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

මේ අනුව Galaxy S9, S9+, S8, S8+, S8 Active, Note8, සහ A9 (2018) යන දුරකථන මාදිලි වල Android 7-Nougat හෝ Android 8-Oreo මෙහෙයුම් පද්ධති ධාවනය වන්නේ නම් එම devices සඳහා මෙම තීරණය බලපානු ඇති.

ඔබත් ඉහත මාදිලියක් මෙම මෙහෙයුම් පද්ධති සමඟ භාවිතා කරන අයෙක් නම් ඔබට ලබන වසරේ මුල සිට Bixby Voice Assistant මෙන්ම Bixby Briefing පහසුකමද අහිමි වී යනු ඇති.

මෙයට විසඳුම වන්නේ ඔබ සතුව ඇති දුරකථනය ඉක්මනින්ම Android 9 – Pie වෙත යාවත්කාලීන කිරීම වන අතර ඉහත මාදිලි සඳහා Samsung සමාගම විසින් මෙම යාවත්කාලීන කිරීම දැනටමත් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

එලෙස යාවත්කාලීන කිරීම මඟින් Bixby Voice Assistant Version 2.0 ද මෙම මාදිලි වලට ලැබෙනු ඇති අතර එම සේවාව බාධාවකින් තොරව භාවිතා කිරීමට ඔබට හැකියාව ලැබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Sammobile වෙබ් අඩවිය හා GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.