Facebook සමාගම විසින් පරිශීලකයන්ගේ දත්ත එකතු කිරීම සඳහා VPN සේවාවක් හඳුන්වාදීමට කටයුතු කර තිබුණු අතර, Google Play Store සහ Apple AppStore එකෙහි වූ නීති වලට පටහැනිව දත්ත එකතු කිරීම නිසාවෙන් එම app එක නවත්වාදැමීමට ඔවුන්ට සිදු වුණා.

WhatsApp සමාගම මිලට ගැනීමට හේතු වූ Onavo VPN සේවාව නවත්වා දැමීමට Facebook සමාගම කටයුතු කරයි
පසුගිය මාස කිහිපය ඇතුලත Apple සමාගම විසින් Facebook සමාගමේ App එකක් වන OnavoVPNapp එක [https://www.onavo.com/] තම AppStore එකෙහි නීති වලට පටහැණිව දත්ත එකතු කරනබව ප්‍රකාශ කරමින් එය තහනම් කිරීමට කටයුතු කළා දකින්නට ඇති. ඔන්න දැන් Facebook සමාගම විසින් මෙම VPN සේවාව සම්පූර්ණයෙන්ම නවත්වා දැමීමට කටයුත…

කොහොම නමුත් මේ වන විට Facebook සමාගම විසින් Viewpoints නමින් අලුත් market research app එකක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙන අතර, විවිධ ආකාරයේ research සඳහා දත්ත එකතු කිරීමට, surveys සම්පූර්ණ කිරීමට සහ විවිධ tasks සම්පූර්ණ කිරීම වෙනුවෙන් මුදල් ලබා දීමට මෙම සේවාව හරහා ඔවුන් කටයුතු කරනු ලබනවා.

මේ Viewpoints සේවාව හා සම්බන්ධ වූ විට ඉහත සඳහන් කළ ආකාරයේ යම් කටයුත්තක් සඳහා ඔබව සම්බන්ධ කරගන්නේ නම්, ඒ හරහා එකතු කරගනු ලබන තොරතුරු පිළිබඳව මූලිකව පරිශීලකයාව දැනුවත් කිරීමට කටයුතු කරනු ලබන අතර, සෑම ක්‍රියාකාරකමක් සඳහාම ලකුණු එකතු වෙනු ලබනවා.

යම්කිසි අවස්ථාවකදී අදාල ලකුණු ප්‍රමාණය මුදල් බවට පත්කරගැනීමට හැකි වූ විට එය සෘජුවම PayPal account එක හරහා පරිශීලකයා හට ලබාගැනීමේ හැකියාව පවතිනවා.

Facebook වැනි සමාජ ජාල භාවිතා කිරීම සාමාන්‍යය ජනතාවගේ යහපැවැත්ම කෙරෙහි බළපාන ආකාරය හඳුනාගැනීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වන අතර ඒ සඳහා අවශ්‍යය වන තොරතුරු රැස් කිරීම මෙම app එක හරහා සිදු කරනු ලබනවා.

මේ හරහා එකතු කරගනු ලබන තොරතුරු අතරට අදාල පුද්ගලයාගේ නම, email address එක, ජීවත් වන රට, උපන්දිනය, ස්ත්‍රී/පුරුෂ භාවය වැනි සාමාන්‍යය තොරතුරු හා ‍ඇතැම් විටෙක location එක වැනි වෙනත් අතිරේක තොරතුරු ද ඇතුලත් වන නමුත්, එම දත්ත භාවිතා වන ආකාරය පිළිබඳව පරිශීලකයා දැනුවත් කිරීමට කටයුතු කරනු ලබන බව Facebook සමාගම පෙන්වා දෙනවා.

එමෙන්ම මෙලෙස එකතු කරගනු ලබන දත්ත වෙනත් කිසිඳු පාර්ශවයක් වෙත අලෙවි කිරීම සිදු නොකරනු ලබන බවත්, එම තොරතුරු publicly share කිරීමක් සිදු නොකරන බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

Facebook Viewpoints සේවාවට වයස අවුරුදු 18න් ඉහළ පිරිසට පමණක් ඇතුලත් වීමේ හැකියාව ලබාදී ඇති අතර, මූලිකව මෙය ඇමෙරිකාවේ පමණක් ක්‍රියාත්මක කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

කොහොම නමුත් මීළඟ වසර තුළ මෙය වඩාත් ව්‍යාප්ත කරමින් අනෙකුත් රටවල් සඳහා ද ලබාදීමට බළාපොරොත්තුවෙන් සිටින බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Facebook Newsroom වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.