පසුගිය වසරේ පැවති WWDC event එකේදී Apple සමාගම ප්‍රකාශ කළ ආකාරයට Microsoft Office 365 package එක දැන Mac App Store එකට එකතු කිරීමට ඊයේ දිනයේ කටයුතු කර තිබෙනවා.

මේ අනුව Word, Excel, Powerpoint, Outlook, OneNote සහ OneDrive ඇතුළු සියළුම Office apps Mac App Store එක හරහා download කරගතහැකි වන අතර මේ අතරින් Word, Excel, PowerPoint, සහ Outlook භාවිතා කිරීමට නම් Office 365 subscription එකක් තිබිය යුතු වෙනවා.

මීට කලින් Microsoft වෙබ් අඩවිය භාවිතා කර මෙම apps ලබාගැනීමේ හැකියාව මෙන්ම Microsoft AutoUpdate tool එක හරහා මේවා update කිරීමේ හැකියාව ද තිබුණු නමුත් Mac App Store එක හරහා දැන් ඉතාමත් පහසුවෙන් download කරගැනීමේ අවස්ථාව ලැබෙනවාක් මෙන්ම, updates ඇති විටදී ඒවා ද automatically ම Mac App Store එක හරහා සිදු වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, 9to5mac වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.