Oppo, Vivo, සහ Xiaomi යනු ලොව ප්‍රමුඛ පෙලේ ජංගම දුරකථන නිශ්පාදන සමාගම් තුනක් වන අතර චීනයේ ජංගම දුරකථන වෙළඳපොලෙන් 45%ක ප්‍රමාණයක් මෙම දැවැන්තයන් තිදෙනා හට හිමි වෙනවා.

පසුගිය අගෝස්තුවේදී මෙම සමාගම ත්‍රිත්වය එක්ව “Inter-Transfer Alliance Group” නම් සංවිධානයක් නිර්මාණය කරනු ලැබූ අතර එහි අරමුණ වූයේ මෙම වෙනස් වෙළඳ නාම ත්‍රිත්වයටම අදාල ජංගම දුරකථන අතර අධිවේගයෙන් file transfers කරගැනීමට හැකියාව ලබාදෙන ක්‍ර‍මවේදයක් නිර්මාණය කිරීමයි.

මාස කිහිපයක පරික්ෂණ වලින් එම කටයුත්ත සාර්ථකව අවසන් කර ගැනීමට මේ වන විට ඔවුන් සමත්ව ඇති අතර දැන් ඔවුන් සූදානම් වන්නේ මෙම සේවාව ලොව පුරා සිටින සිය පරිශීලකයන් හට ලබා දීමටයි.

Vivo සමාගමේ උප සභාපති වන Spark Ni පවසන්නේ මෙම සහයෝගීතාවය මඟින් Oppo, Vivo සහ Xiaomi යන දුරකථන මාදිලි අතර රැහැන් රහිතව සහ අන්තර්ජාල භාවිතයකින් තොරව files Share කරගැනීමට හැකියාව ලැබෙන බවයි වන අතර මේ සඳහා Bluetooth තාක්ෂණය මෙන්ම Wi-Fi P2P තාක්ෂණය ද භාවිතා කරනු ලබනවා.

Peer-to-Peer Transmission Alliance යන්න මෙම සංවිධානයේ අන්තර්ජාතික නාමය වන අතර තවත් අනෙකුත් ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් වලට ද මෙම eco-system එකට සම්බන්ධ වීම සඳහා ඔවුන් විසින් ආරාධනා කර සිටිනවා.

මෙම සේවාවේදී file transfer speeds එක 20 MB/s වලට වඩා වැඩි වනු ඇති බව අපේක්ෂා කරන අතර ලබන පෙබරවාරි මාසයේදී මෙය ලොව පුරා Xiomi, Vivo සහ Oppo ජංගම දුරකථන වලට නිකුත් කිරීම ආරම්භ කරනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Express.co.uk වෙබ් අඩවිය භාවිතා කළ හැක.