මීට දින කිහිපයකට පෙර ලොව ධනවතුන් අතර අංක එකේ සිටි Elon Musk විසින් Twitter සමාග​ම මිලදී ගැනීමෙන් පසුව Twitter සමාජ මාධ්‍ය වේදිකාව තුළ විවිධ වෙනස්කම් සිදු කිරීමට පෙළඹුන අතර Twitter හි සේවකයන් විශාල ප්‍රමාණයක් සේවයෙන් ඉවත් කිරීමටද ඔහු විසි​න් කටයුතු කරනු ලැබුවා.

සේවකයින් ඉවත් කිරීමෙන් පසුව Twitter සේවාව බිඳ වැටීමේ අවදානමක
ලොව පුරා ප්‍රචලිත වැදගත් සමාජ මාධ්‍ය වේදිකාවක් ලෙස Twitter සේවාව අපට හැඳින්විය හැකියි. මාසිකව මිලියන 330 කට ආසන්න සක්‍රීය පරිශීලකයන් ප්

පසුගිය දින කිහිපය පුරාවටම Twitter සමාජ මාධ්‍ය වේදිකා​ව තුළ ඇති භාෂණයේ නිදහස පිළිබඳව දැඩි කතා බහක් පැවති අතර, පසුකාලී​න ආධාරක ලිපියක (subsequent support article) සදහන් කර තිබුණේ Twitter සමාග​ම විසින් සමහර සමාජ මාධ්‍ය වේදිකාව​න් නොමිලයේ ප්‍රවර්ධනය කිරීම වළකාලීමට කටයුතු කරන බවයි. එහිදී ඔවුන් වැඩිදුරටත් සදහන් කරන්නේ විකල්ප සමාජ මාධ්‍ය ජාලා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාකරන twitter accounts suspended කිරීමට හෝ lock කිරීමට කටයුතු කරන බවයි.

💡
එලෙස වෙනත් සමාජ මාධ්‍ය ප්‍රවර්ධනය හේතුවෙන් @joinmastodon ගිණුම ඇතුළු තවත් ක්‍රියාකාරී පරිශීලකයන්ගේ කිහිපදෙනෙකුගේ ගිණු​ම් තහනම් කර ඇත.

ඒ අතරම Twitter සමාගම විසින් Elon Musk ​ව ආවරණය කරන ප්‍රමුඛ මාධ්‍යවේදීන්ගෙ account තහනම් කිරීමට කටයුතු කර ඇත. ඒ අතර CNN හි Donie O'Sullivan, The Washington post හි  Drew Harwell, The NewYork Times හි Ryan Mac, Intercept හි Micah Flee, සහ Mashable හි Matt Binder වේ. මෙම මාධ්‍යවේදීන් සමාජ මාධ්‍ය වේදිකාව තුළින් තහන් කිරීම පිළිබඳව උපහාසාත්මක මෙන්ම අවධාරණාත්මක ආකාර​යේ Twitter පණිවුඩ පළ කර තිබූ ආකාරය අපට දැක ගැනීමට හැකියාව ලැබුණා.

තවද Twitter තු​ළ වෙනත් අයෙකුගේ real time location share කිරීම සම්බන්ධයෙන්ද දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් කටයුතු ක​ර තිබෙනවා. ඒ මීට පෙර අවස්තාවකදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු විසින් Elon Musk ​ගේ පුද්ගලික Jet යානායේ realtime location එක track කරමින් නිර්මාණය කෙරුණ @ElonJet නැමැති Twitter Bot ගිණුම හා ඔහුට ඇති වූ personal safety risk එකත් සමඟයි.

මීට පෙ​ර භාෂණයේ නිදහස පිළිබඳව වැඩි සැළකිල්ලක් දැක්​වූ සමාජ මාධ්‍ය වේදිකාව ලෙස twitter හැඳින්වුවත්, Elon Musk විසින් ගන්නා මෙම ක්‍රියාමාර්ග සමඟ එය තව දුරටත් වලංගු නොවන බව වැටහෙනු ඇති. කෙසේ වෙතත් ඔහු විසින් තමන් Freedom of Speech එහෙමත් නැති නම් භාෂණයේ නිදහසට වැඩි ගරුත්වයක් දක්වන බව අවස්ථා ගණනාවකදී Twitter පණිවුඩ මඟින් අවධාරණය කර තිබුණා.

Short Text Publishing සමාජ මාධ්‍ය වේදිකාවක් ලෙස Twitter තුළ බොහෝ දෙනෙක් වෙනත් සමාජ මාධ්‍ය නාළිකා ප්‍රවර්ධනයට කිරීමට පෙළඹුනේ නැති වුව​ත් තමන්ගේ නිදහස ස​හ privacy පිළිබඳව දැඩි සැළකිල්ලක් දක්වන අයෙක් තව දුරටත් Twitter සමාජ මාධ්‍ය නාළිකාව භාවිතයට මැලි වනු ඇතැ​යි අපට සිතිය හැක.

💡
ශ්‍රී ලංකාව තු​ළ භාෂණයේ නිදහස පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 14(1)(​අ) වගන්තිය යටතේ සඳහන් කර තිබෙන අතර, ඒ පිළිබඳ වැඩි දුර අධ්‍යනය සඳහා lawnet.gov.lk වෙබ් අඩවිය භාවිතා කළ හැක.

කෙසේ නමුත් Elon Musk ගේ ක්‍රියාකලාපයන් සහ Twitter හි අනාගතය සම්බන්ධයෙන් බොහෝ දෙනා කතා කරන්නට පටන්ගෙන තිබෙන වාතාවරණයක ඔහු විසින් තමන් Twitter සමාගමේ ඉහල නිළතල වලින් ඉවත්විය යුතුද යන්න අසමින් Poll එකක් සමාජ ගත කිරීමට සිය Twitter ගිණුම හා කටයුතු කර තිබෙනවා.

🗣️
Twitter සමාජ මාධ්‍ය වේදිකාවේ අනාගතය සහ භාෂණයේ නිදහස පිළිබඳ​ව සිතා, Elon Musk ​විසින් පළ කර ඇ​ති Poll එක සඳහා විනිවිදභාවයෙන් යුතුව ඔබගේ මනාපය පළ කරන ලෙස අප ඉල්ලා සිටි​මු.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Social Media Today වෙබ් අඩවිය සහ Screen Rant වෙබ් අඩවිය භාවිතා කළ හැක.